-5.9 C
New York

කොරෝනා වසංගතය වැඩි වෙද්දී කොටස් මිලත් ඉහළට

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (09) දිනයේ රුපියල් බිලියන 3.9ක පිරිවැටුමක් වාර්තා කළ අතර දිනයේ ගනුදෙනු අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 21.52කින් ඉහළ ගිය අතර එය අවසානයේ දැක්වුණේ ඒකක 8,120ක් ලෙසිනි.

දිනයේ කොටස් මිල ඉහළ ගිය සමාගම් අතර එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 1,508යි, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 340යි, ටෝකියෝ සිමෙන්ට් සමාගම (X) රුපියල් මිලියන 180යි ලෙස මූලිකව ගනුදෙනු විය.

දිනයේ වඩාත් සක්‍රීයව කොටස් ගනුදෙනු වූ සමාගම් අතර එක්ස්පෝ ලංකා සහ ටෝකියෝ සිමෙන්ට් සමාගම් කැපී පෙණිනි.

අද දිනයේ කොළඹ කොටස් වෙළෙඳ පොළ ගනුදෙනුවල දී විදේශීය ආයෝජකයන් ශුද්ධ ලෙස රුපියල් මිලියන 25ක කොටස් මිලදී ගෙන ඇති අතර ඒ අතරින් විදේශීය ආයෝජකයන් කොටස් මිල දී ගත් සමාගම් අතර රෝයල් සෙරමික් සමාගම රුපියල් මිලියන 7.2යි, ලංකා වෝල් ටයිල් සමාගම 6.6යි, ලංකා ටයිල් සමාගම රුපියල් මිලියන 4.69ක් ලෙස ද විදේශීය ආයෝජකයන් කොටස් විකුණූ සමාගම් අතර ලුබ්‍රිකන් සමාගම රුපියල් මිලියන 5.36යි, ‍ටෝකියෝ සිමෙන්ට් සමාගම රුපියල් මිලියන 2.2යි, ප්‍රීමා සමාගම රුපියල් මිලින 0.8යි ලෙස කැපී පෙණිනි.

කොළඹ කොටස් වෙළෙඳ පොළෙහි අද කොටස් මිල ඉහළ යාම කෙරෙහි දායක වූ සමාගම් හා ප්‍රතිශතයන් ලෙස එක්ස්පෝ ලංකා සමාගම 29.56%, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම 6.49%, අම්බන් හෝල්ඩින් සමාගම 4.98% ක් ප්‍රමුඛ විය.

කොරෝනා වසංගතය හේතුවෙන් අධික ලාභ ලැබූ සමාගම්වල කොටස් මිල සීඝ්‍ර ලෙස ඉහළ යන අතර දින කිහිපයක සිට විදේශීය ආයෝජකයන්ගේ මිල දී ගැනීම් වැඩිවීම කොටස් වෙළෙඳ පොළ වර්ධනය කෙරෙහි හිතකර ලෙස බල පා තිබේ.

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

Recent articles

spot_img