-5.9 C
New York

රිෂාඩ්ගේ බිරිඳ ඇතුළු සිව්දෙනාට ඇප නෑ. තොරතුරු මාධ්‍යයට ගිය අයුරු සොයන්නත් නියෝග කරයි

Published:

රිෂාඩ් බදියදීන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ බිරිඳ ඇතුළු සිව්දෙනාට ඇප ලබාදෙන ලෙස කරන ලද ඉල්ලීම කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය අද (09) ප්‍රතික්ෂේප කර ඔවුන් තවදුරටත් ලබන 23 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළාය.

රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ සේවයේ යෙදී සිටිය දී පිළිස්සුම් තුවාල සහිතව මියගිය ජූඩ් කුමාර් ඉශාලිනීගේ මරණය සම්බන්ධයෙන් ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබිණි.

මෙලෙස තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ හිටපු අමාත්‍ය රිෂාඞ් බදුර්දීන්ගේ බිරිඳ, ඇයගේ පියා, ඇයගේ සහෝදරා සහ අදාළ දැරිය ගෙනැවිත් භාරදුන් තැරැව්කරුය.

සැකකරුවන්ට ඇප ලබා දුනහොත් ඔවුන් සාක්ෂි වලට බලපෑම් එල්ල කළ හැකි බවට නීතිපතිවරයා නියෝජනය කරමින් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහෙස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළාය.

මෙම සිද්ධියට අදාළව අදාළ අති සංවේදී කරුණු අධිකරණයට වාර්තාකිරීමට පෙර ජනමාධ්‍ය වෙත නිකුත්වූයේ කෙසේදයි යන්න සොයාබලා අධිකරණයට වාර්තාවක් ඉදිරිපත්කරන ලෙස ද මෙහිදී මහේස්ත්‍රාත්වරිය පොලිස්පතිවරයාට නියෝග කළාය.

Related articles

Recent articles

spot_img