-5.9 C
New York

ගාල්ලේ පුද්ගලික රෝහලක මුළුතැන්ගේ කාර්ය මණ්ඩලයට කොරෝනා. වෛද්‍යරුන්ටත්, රෝගීන්ටත් කෑම දීලා

Published:

ගාල්ලේ පුද්ගලික රෝහලක මුළුතැන්ගේ සියලුම සේවකයන් කොරෝනා ආසාදිතයන් බව තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

මේ හේතුවෙන් මාතර ශාඛාවකින් සේවකයන් තිදෙනකු ගෙන්වා ඇති නමුත් ඔවුන් තිදෙනා ද කොරෝනා ආසාදිත වී ඇත. මේ හේතුවෙන් දැනට කොළඹ සේවකයන් යොදවා එම ආහාර සැකසීමේ කටයුතු සිදුකරන බව ද වාර්තා වෙයි.

එම පුද්ගලික රෝහලේ ආරංචිමාර්ග සඳහන් කරන්නේ කොරෝනා ආසාදිත වූ සියලු සේවකයන් නිවෙස්වලම ප්‍රතිකාර සඳහා යොමුකර ඇති බවයි.

මෙම රෝහලේ මුළුතැන්ගේ තුළ පිසින ආහාර රෝහ‍ලේ නේවාසිකව ප්‍රතිකාර ලබාගන්නා රෝගීන්ට ද ලබා දී ඇති අතර විශේෂඥ වෛද්‍යවරු ද එම මුළුතැන්ගේ ආහාර ලබාගැනීම සිදුවේ.

වෛද්‍යවරු පවසන්නේ රෝහල් පාලන අධිකාරිය විසින් මේ තත්වය පිළිබඳ තමන්ට දැනුම්දීමක් නොකළ බවයි. වෙනත් ආරංචිමාර්ගවලින් සොයා බැලූ විට මුළුතැන්ගේ කාර්ය මණ්ඩලය කොරෝනා ආසාදිත බව දැනගත් බව ද වෛද්‍යවරු කියති.

Related articles

Recent articles

spot_img