-2.1 C
New York

හෝමාගම රෝහලත් ඉඩ නැති වෙයි ?

Published:

මෙරට කොරෝනා වසංගතය ආරම්භක වකවානුවේ දී ම කොරෝනා රෝගීන් සඳහාම වෙන්කළ හෝමාගම මූලික රෝහල උපරිම ධාරිතාව ආසන්නයට පැමිණ ඇති බව එහි වෛද්‍ය අධිිකාරී විශේෂඥ වෛද්‍ය ජනිත හෙට්ටිආරච්චි පවසයි.

මේ වනවිට එම රෝහලේ දැඩි සත්කාර ඒකක සම්පූර්ණයෙන් ම රෝගීන්ගෙන් පිරී ගොස් ඇත. ඊට අමතරව High  dependacy  unit ද සම්පූර්ණයෙන් ම රෝගීන්ගෙන් පිරී ගොස් පවතී.

වෛද්‍ය අධිකාරීවරයා පවසන්නේ මේ දිනවල වාර්තාවන රෝගීන් පෙර අවස්ථාවල දී වාර්තා වූ රෝගීන්ට වඩා අසාධ්‍ය බවයි.

“දැනට ප්‍රතිකාර සඳහා යොමුව සිටින රෝගීන් වැඩි ප්‍රමාණයකට ඔක්සිජන් ලබාදීමට සිදුව තිබෙනවා. දැඩි සත්කාර ඒකකය සහ High  dependacy  ඒකකයත් ආසාදිතයන්ගෙන් පිරිලා. හෝමාගම රෝහල දැන් එහි උපරිම ධාරිතාවට ළඟා වී සිටිනවා. ඒ නිසා අපි ඉල්ලා සිටින්නේ හැකිතාක් දුරට පරෙස්සම් වී කොරෝනා රෝගයෙන් වැළකී සිටින ලෙසයි.”

Related articles

Recent articles

spot_img