-5.9 C
New York

නෙළුව නගරය වසා දමයි

Published:

නෙළුව නගරය හා ඒ අවට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බැවින් අද (08) මධ්‍යම රාත්‍රියෙන් පසු 11 වැනි දා දක්වා දින දෙකකට නගරය වසා දැමීමට නෙළුව වෙළෙඳ සංගමය තීරණය කර තිබේ.

ඒ අනුව හෙට (09) සහ 10 වැනි දා යන දින දෙකෙහි නෙළුව නගරයේ කිසිදු වෙළෙඳ සැළක් විවෘත නොකරන බව එම සංගමය පවසයි.

පසුගිය 03 වැනි දා සිට අද (08) දක්වා කාලයේ දී නෙළුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් කොරෝනා ආසාදිතයන් 55 දෙනකු වාර්තාවීම හේතුවෙන් වසංගතය පාලනය කිරීමට සෞඛ්‍ය අංශවලට සහාය දීමක් ලෙස මෙම තීරණය ගෙන තිබේ.

Related articles

Recent articles

spot_img