spot_img
spot_imgspot_img

රටපුරාම ඩෙල්ටා. සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි

පුවත්

විදෙස්

වඩාත් විනාශකාරී කොරෝනා ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ දහස් ගණනක් රටපුරා සිටිය හැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්  පවසයි.

මේ වනවිට අහඹු ලෙස ලබාගත් කොරෝනා ආසාදිත පුද්ගලයන්ගේ ජෛව සාම්පල ජෛව අනුක්‍රමික පරීක්ෂණවලට ලක්කිරීමෙන් ඩෙල්ටා ආසාදිතයන් 124 දෙනකු හඳුනාගෙන තිබේ. ඒ දිස්ත්‍රික්ක 11ක ප්‍රදේශ 26කිනි.

වෛද්‍ය හේරත් පවසන්නේ මෙම සංඛ්‍යාව ඊට වඩා කිහිප ගුණනයකින් වැඩි බවයි. එමෙන් ම රටපුරා රෝගීන් වාර්තාවීම සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් ආසාදිතයන් බවට පත්වීමේ ප්‍රවණතාව සැළකූ විට දැනටමත්  රටේ සෑම තැනකම ඩෙල්ටා ප්‍රභේදය ව්‍යාප්තවී ඇතැයි පෙනී යන බව ද හෙතෙම කීවේය.

මේ හේතුවෙන් ජනතාව හැකිතාක් තම නිවෙස්වලට ම වී සිටිය යුතු බව ද වෛද්‍යවරයා සඳහන් කළේය.

ඩෙල්ටා ආසාදිතයන් හඳුනාගත් ප්‍රදේශ

රාගම

කඩවත

අංගොඩ

කොටිකාවත්ත

බියගම

නුගේගොඩ

බොරලැස්ගමුව

ගල්කිස්ස

මහරගම

පිළියන්දල

බණ්ඩාරගම

පානදුර

ගාල්ල

මාතර

රත්නපුරය

මහනුවර

අම්පාර

කුරුණෑගල

වව්නියාව

යාපනය

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!