-5.2 C
New York

වසංගතය දරුණුයි. දරුවන් පරෙස්සම් කරගන්න වෛද්‍යවරුන්ගෙන් ඉල්ලීමක්

Published:

ශ්‍රී ලංකාවේ දරුවන් කොරෝනා ආසාදනයට ගොදුරුවීමේ අවදානමේ උපරිමයට පැමිණ ඇති බැවින් දරුවන් අනවශ්‍ය ගමන් බිමන් රැගෙන යාමෙන් වළකින ලෙස විශේෂඥ ළමා රෝග වෛද්‍යවරු සියලු රටවැසි දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිති.

දෙමාපියන් ද අවදානම් ස්ථානවලට යාමෙන් දරුවන් අනිවාර්යයෙන් ම අවදානමට පත්වන බැවින් දරුවන් ගැන සිතා හෝ තම අනවශ්‍ය ගමන් බිමන් සීමාකිරීම සහ සෞඛ්‍ය පුරුදු ආරක්ෂා කිරීම අත්‍යාවශ්‍ය බව ද කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ ළමා රෝග වෛද්‍ය චන්න පෙරේරා කී‍වේය.

අද (07) පැවැති මාධ්‍ය හමුවක දී වෛද්‍යවරයා කීවේ කොරෝනා ආසාදිත දරුවන් කිහිප ගුණයකින් ඉහළ ගොස් ඇති බවයි.

“කුඩා දරුවන් අවදානමේ. අපි දැන් උපරිම අවස්ථාවකට ඇවිත් තියෙනවා. ඒ නිසා දරුවන් ගැන වැඩිපුර අවදානය යොමුකරන්න සහ දරුවන් ට මේ රෝගය වැළඳීම වැළැක්වීමට දෙමාපියන් සහ වැඩිහිටියන් වශයෙන් අපේ යුතුකම ඉතා හොඳින්ම අවශ්‍ය අවස්ථාවක් තමයි දැන් උදාවෙලා තියෙන්නේ. මේ දිනවල දරුවන් නිවස තුළමයි සිටින්නේ. ඔවුන්ව අනවශ්‍ය ලෙස සමාජයට රැගෙන යෑම සහ රෝගය සහිත පුද්ගලයින්ට නොදැනුවත්ව ම පිටත සමාජයේදී නිරාවරණය වීම වැළැක්වීම දෙමාපියන්ගේ ඉතා විශාල වගකීමක් හා යුතුකමක්.”

මේ අතර අවුරුදු දෙකට වැඩි කොවිඩ් ආසාදිත දරුවන් රෝග ලක්ෂණ නොමැති නම් නිවසේ දීම රැකබලාගත යුතු බව ළමා රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසීය.

Related articles

Recent articles

spot_img