spot_img
spot_imgspot_img

ත්‍රිපිටක පනත විසිවෙයි. ධර්ම විකෘති ගැන ධර්ම විනයට අනුව කටයුතුකිරීමේ එකඟතාවක්

පුවත්

විදෙස්

කෙටුම්පත් කරන ලද ත්‍රිපිටක සංරක්ෂණ පනත තවදුරටත් ඉදිරියට රැගෙන නොයාමටත්, ධර්ම විකෘතීන් සම්බන්ධයෙන් නීතියට අනුව නොව ධර්ම විනයට අනුව කටයුතු කිරීමටත් අද (07) තෙවැනි දිනටත් රැස්වූ ත්‍රිපිටක පනත පිළිබඳ අදහස් විමසීමේ රැස්වීම අවසානයේ තීරණය කෙරිණි.

ඒ අනුව ත්‍රිපිටක පනත තවදුරටත් ක්‍රියාත්මක වන්නේ නැත.

මෙම පනත ගෙන එමින් මෙරට වලංගු රෝම ලන්දේසි නීතියට අනුව ධර්ම විකෘතීන් පිළිබඳ  තීන්දු ගැනීම සිදුවන බැවින් එය වරදක් බවත්, ධර්ම විකෘතීන් සම්බන්ධ තීරණ ගතයුත්තේ ධර්ම විනයට අනුව බවත් ගොඩපිටියේ රාහුල හිමියන් විසින් කරන ලද ‍යෝජනාව මෙම කමිටුව විසින් පිළිගැණිනි.

කෙටුම්පත් කර තිබූ ත්‍රිපිටක පනතට අස්ගිරි මල්වතු මහා නා හිමිවරුන් ඇතුළු සංඝරත්නයේත්, බෞද්ධ විද්වතුන් රැසකගේත් දැඩි විරෝධයක් එල්ල වී තිබූ අතර අදහස් විමසීමේ රැස්වීමේ දී ද එම පනත ගෙනඒමට විරුද්ධව මහාචාර්ය පාතේගම ඥාණිස්සර හිමි, තීනියාවල පාලිත හිමි, තල්ගමුවේ සුධීරානන්ද හිමි, ගලබොඩඅත්තේ ඥානසාර හිමි සහ උඩුදුම්බර කාශ්‍යප හිමි ඇතුළු භික්ෂූන් වහන්සේලා රැසක් විරෝධය දක්වමින් අදහස් ප්‍රකාශ කළහ.

රජයේ සියලුම රැස්වීම් නවතා දැමීමට නිරෝධායන රෙගුලාසි පනවා තිබිය දී ඒවා උල්ලංඝනය කරමින් අද (07) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී තෙවැනි දිනයටත් මෙම රැස්වීම පැවැත්විණි.

එහි අවසන් තීරණය වූයේ දැනට කෙටුම්පත් කරන ලද පනත ඉදිරියට පවත්වාකෙන යාමකින් තොරව අහෝසි කළ යුතු බවයි. එමෙන් ම ඉදිරියට ගතයුතු ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කිරීමට කමිටුවක් පත්කිරීමට ද අවශ්‍ය බව තීරණය කෙරිණි.

7 COMMENTS

  1. ඉතා සතුටුයි උගත් බුද්ධිමත් නියම බුදු පුතුන්වන මේ හිමිවරු ගත් තීරණය ගැන

  2. දහම් මග ආරක්ෂාකිරීම වෙනුව්න් කැපවුනු බුදු පුතුන් හට නමස්කාරය පුද කරමි.
    එසේම මෙම සටහනද තැබීමට කැමැත්තෙමි.
    දහම් මග අපවෙත විවර කර දෙමින් සිටින හිමිවරුන් ඔවුන්‍ වටා රැසිවුනු පිරිස වෙත අසීමිත කරුණාවෙන් දහම් මාර්ගය පෙන්වා දෙමින් සිටී.
    එසේම එම හිමිවරුන් ඔවුන්ගේ අවබෝධයන්, ඔවුන්ගේ අත්දැකීම් එම හිමිවරුන් එක්‍ රස්වී සාකච්චා කරන්නේ නම්, එම හිමිවරුන් අතර හුවමාරු කරග්නේ නම් එය ඔවුන් වටා සිටින පිරිසටද දෙන ආදර්ශයක් වන්නේමය. මේ සදහා ඔවුන් හට වෙන්වූ මන්ඩපයක් අත්‍යාවශ්‍යය. ඔවුන් අතර සමගිය පවතීනම් මෙවැනි කෙටුම්පත් ඇතීවීමක් සිදුවිය නොහැක.
    එසේනම් විය යුත්තේ දර්මය දෙසන බුද්ද පුත්‍රයන් එකමුතු වීමයි.
    බුදු දහම ඉතා පිරිසිදුයි. නිශ්චලයි.
    🙏

  3. ඉතාම නිවැරදි තීරණයක්. වෙන්න ගිය මහා අපරාධ යක් වැලකුනා.

  4. පිරිසිදු පවිත්‍ර තෙරවාදී බුදු දහම අන්තවාදී ආගමක් බවට පත් කිරීමට සුලු පිරිසක් ගත් උත්සාහයත්, ඒ අයගේ මතය පමනක් නිවැරදියි අනිකුත් දේශනා සියල්ල විකෘති යයි කියමින් අනිකුත් දෙයක් දේශනා කරන සංඝයා වහන්සේලාව නඩු අහල දඩ ගහල හිරේ යවන්න කියල හදපු කෙටුම් පතත්, ප්‍රඥාව තියෙන ගිහි පැවිදි සියලු දෙනාගේ විරෝධත්වයෙන් හකුලා ගන්නට ඒ සාසන දෝහී භික්ෂූන්ට සහ බෞද්ධ සාසන අමාත්‍යාංශ ලේකම් තුමාට සිදු විය.
    මේ දහම තම තම නැණ පමණින් දැන ගතයුතු එකක් මිස නීති දාල පාලනය කල හැක්කක් නොවන බව ඊයේ අපේ සවාමීන් වහන්සේලා සහ ගිහි පිරිස ඔප්පු කරන ලදී.
    තවත් අවුරුදු 2400 මේ දහම සුරැකේවා. හේතු වාසනා ඇත්තෝ නිවන සාක්ෂාත් කර ගනී.

  5. අසත්‍ය ප්‍රකාශ පතුරුවන්න එපා.එහෙම දෙයක් සිදු උනෙ නෑ

  6. මට තියෙන ප්‍රශ්නය තමා භික්ශුවකට නොගැලපෙන අයුරින් පංචකාමයේ ගෑලි ඉන්න භික්ශුන් සාසනයෙන් ඉවත් කරන්නේ කොහොමද? නැතිනම් සිවුර ස්ථිරවම ගලවන්නේ කොහොමද කියලා. සමහර අය බලහත්කාරයෙන් නැත්නම් නෙරපීම ගනන් ගන්නේ නැතුව දිගටම සිවුරේ ඉන්න එක වලක්වන්නේ කොහොමද කියලා?

Leave a Reply to K.L.Fernando Cancel reply

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!