-5.2 C
New York

ත්‍රිපිටක පනත විසිවෙයි. ධර්ම විකෘති ගැන ධර්ම විනයට අනුව කටයුතුකිරීමේ එකඟතාවක්

Published:

කෙටුම්පත් කරන ලද ත්‍රිපිටක සංරක්ෂණ පනත තවදුරටත් ඉදිරියට රැගෙන නොයාමටත්, ධර්ම විකෘතීන් සම්බන්ධයෙන් නීතියට අනුව නොව ධර්ම විනයට අනුව කටයුතු කිරීමටත් අද (07) තෙවැනි දිනටත් රැස්වූ ත්‍රිපිටක පනත පිළිබඳ අදහස් විමසීමේ රැස්වීම අවසානයේ තීරණය කෙරිණි.

ඒ අනුව ත්‍රිපිටක පනත තවදුරටත් ක්‍රියාත්මක වන්නේ නැත.

මෙම පනත ගෙන එමින් මෙරට වලංගු රෝම ලන්දේසි නීතියට අනුව ධර්ම විකෘතීන් පිළිබඳ  තීන්දු ගැනීම සිදුවන බැවින් එය වරදක් බවත්, ධර්ම විකෘතීන් සම්බන්ධ තීරණ ගතයුත්තේ ධර්ම විනයට අනුව බවත් ගොඩපිටියේ රාහුල හිමියන් විසින් කරන ලද ‍යෝජනාව මෙම කමිටුව විසින් පිළිගැණිනි.

කෙටුම්පත් කර තිබූ ත්‍රිපිටක පනතට අස්ගිරි මල්වතු මහා නා හිමිවරුන් ඇතුළු සංඝරත්නයේත්, බෞද්ධ විද්වතුන් රැසකගේත් දැඩි විරෝධයක් එල්ල වී තිබූ අතර අදහස් විමසීමේ රැස්වීමේ දී ද එම පනත ගෙනඒමට විරුද්ධව මහාචාර්ය පාතේගම ඥාණිස්සර හිමි, තීනියාවල පාලිත හිමි, තල්ගමුවේ සුධීරානන්ද හිමි, ගලබොඩඅත්තේ ඥානසාර හිමි සහ උඩුදුම්බර කාශ්‍යප හිමි ඇතුළු භික්ෂූන් වහන්සේලා රැසක් විරෝධය දක්වමින් අදහස් ප්‍රකාශ කළහ.

රජයේ සියලුම රැස්වීම් නවතා දැමීමට නිරෝධායන රෙගුලාසි පනවා තිබිය දී ඒවා උල්ලංඝනය කරමින් අද (07) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී තෙවැනි දිනයටත් මෙම රැස්වීම පැවැත්විණි.

එහි අවසන් තීරණය වූයේ දැනට කෙටුම්පත් කරන ලද පනත ඉදිරියට පවත්වාකෙන යාමකින් තොරව අහෝසි කළ යුතු බවයි. එමෙන් ම ඉදිරියට ගතයුතු ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කිරීමට කමිටුවක් පත්කිරීමට ද අවශ්‍ය බව තීරණය කෙරිණි.

Related articles

Recent articles

spot_img