-2.1 C
New York

කොළඹ බෝම්බ පුපුරන කතාවක් ගැන පොලිස් පරීක්ෂණ අරඹයි

Published:

කොළඹ නගරයේ ස්ථාන කිහිපයක් ඉලක්ක කරගනිමින් බෝම්බ ප්‍රහාරයක් එල්ලවන බවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයවන හඬ පටයේ කරුණු අසත්‍ය බවත් මෙය පාස්කු ප්‍රහාරයෙන් පසු කිසියම් පුද්ගලයකු විසින් මුදාහරින ලද එකක් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ පවසයි.

දෙහිවල, ගල්කිස්ස, නුගේගොඩ, මිරිහාන, බම්බලපිටිය සහ වැල්ලවත්ත ප්‍රදේශවල යම් යම් පිපිරීම් සිදුවිය හැකි බව මේ හඬ පටයේ ප්‍රකාශ කරන අතර එය පාස්කු ප්‍රහාරයෙන් පසු නිර්මාණය කරන ලද්දක් බව ද හෙතෙම සඳහන් කළේය.

මෙවැනි අසත්‍ය පුවත් නිර්මාණය කළ පුද්ගලයින් සම්බන්ධයෙන් ගල්කිස්ස ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ විමර්ෂණයක් ආරම්භ කර ඇති බව බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

Related articles

Recent articles

spot_img