spot_img
spot_imgspot_img

නිරෝධායන නීති කඩමින් පැවැත්වෙන ත්‍රිපිටක පනත් සාකච්ඡාව

පුවත්

විදෙස්

යෝජිත ත්‍රිපිටක සංරක්ෂණ පනත සඳහා විද්වත් තීරණ ලබාගැනීමට යැයි පවසමින් මහා නායක හිමිවරුන්ගේ පවා විරෝධතාව නොතකා පවත්වන රැස්වීමක් අද (07) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී නීති විරෝධී ලෙස ආරම්භ කර ඇත.

මෙම රැස්වීම පසුගිය 05 සහ 06 දෙදින ද මැදගොඩ අභයතිස්ස හිමියන්ගේ ප්‍රධානත්වයෙන් හා තවත් භික්ෂූන් වහන්සේලා පිරිසකගේ ද සහභාගීත්වයෙන් පැවැත්විණි.

නමුත්, දැනට රටේ පවතින සීඝ්‍ර කොරෝනා ව්‍යාප්තිය සැළකිල්ලට ගනිමින් ඊයේ (06) නව නිරෝධායන නීති හඳුන්වාදුන් අතර එම රෙගුලාසි අනුව රජයේ සියලුම රැස්වීම්, සැසි, වැඩමුළු සහ සම්මන්ත්‍රණ ඇතුළු සියලු වැඩසටහන් සැප්තැම්බර් මස 01 වැනි දා දක්වා පැවැත්වීම නවතා දමා ඇත.

නමුත් අද (07) එම රැස්වීම දැටමත් ආරම්භ වී තිබේ.

මහජනතාවගෙන් සහ මල්වතු අස්ගිරි මහ නාහිමිවරු ප්‍රමුඛ මහා සංඝරත්නයෙන් මෙම ත්‍රිපිටක පනතට දැඩි විරෝධයක් එල්ලවෙමින් තිබිය දී එම විරෝධය පමණක් නොව රටේ අන් ජනතාවට බලපාන නිරෝධායන රෙගුලාසි පවා උල්ලංඝනය කරමින් මෙම පනත ගෙන ඒමට රජයට සම්බන්ධ විවිධ පාර්ශව දැඩි උනන්දුවක් දක්වති.

බුද්ධ ශාසන අමාත්‍යාංශය මෙලෙස නීති උල්ලංඝනය කිරීම පිළිබඳ මහා සංඝරත්නයට ද ඇත්තේ දැඩි සැකයකි.

2 COMMENTS

  1. When people are intoxicated with power they just dont see the danger which all participants undergo with Delta varient. Specially senior monks are very vulnerable.
    They Violate the Government circular rule to achieve their target.
    Opposition for this draft bill was so evident last two days. Senior monks and lay professionals have expressed their views. Majority are against it. It is pretty obvious this is a personal agenda of Medagoda Abayatissa thero who presided this entire event. Secretary to the budda sasana helping him blindly without knowing the real danger behind this act if pass through the parliment.

  2. මෑතකදී පත්කරනලද බුදුදහම් විකුර්ති කිරීම් පිළිබඳ සොයාබැලීමේ කොමිසම
    පිළිබඳවයි.

    විවිධ ජනප්‍රිය ධර්ම දේශකයින්ගේ විවිධාකාරයේ දේශණා අසමින් රටේ ජනයා
    වැඩිපිරිසක් අතරමන්වූ තත්වයක සිටින මෙවන් අවදියක මෙවැනි කර්තවයක් සිදුකිරීම
    කාලෝචිත බව මතුපිටින් පෙනෙන්න තිබේ.
    නමුත් ඒ ආකාරයටම මේ ක්‍රියාවලියෙන් යම්කිසි ආකාරයකට මිනිසුන්ගේ සිත් නිවාලන
    දහම නැවතත් යටපත් වීමක් වුවහොත්, නියාය ධර්මතාවයන්ට අණුකූලව එහි බරපතල
    විපාකයන්ටද මුහුනදීමට සිදුවීමද වැලැක්විය නොහැක. එමනිසා එවැනිදෑ වැලැක්වීමේ
    ඒකායන අධිෂ්ඨානයෙන්, මේ පිළිබඳව අප දැන් හොඳින්ම වටහාගෙන ඉන්න අප දන්නා කරුණු
    කාරණා කෙටියෙන් ඉදිරිපත් කිරීම මෙම ලිපියේ අරමුණයි.
    එසේම මේ ලියන මමද උපන්දාපටන් මෑතක් වනතුරුම සිටියේ, රටේ බොහෝ පිරිස්මෙන්
    නිබ්බාණගාමී බුදු දහම සහ අප ගෞරවයෙන් අදහන “බුද්ධාගම” යන දෙක අතර වෙනස
    පිළිබඳවනිවැරදි වැටහීමකින් නොවන බවද මෙහිදී කිවයුතුම වේ.
    සිරි ගෝතම බුදුරජානන් වහන්සේ සහ උන්වහන්සේගේ මහ-අරහත් ශ්‍රාවකයින් වහන්සේලා
    විසින් අදින් වසර 2600කටත් ප්‍රථම උන්වහන්සේගේ නිබ්බාණගාමී පරියාප්ති,
    ප්‍රතිපත්ති සහ ප්‍රතිවේදී දහම, ප්‍රධාන වශයෙන් ජනයාට දේශණාකරන ලද්දේ මාගධී
    ශබ්ද සංඥා වලිනි. ඉන් පසුව බු.ව.456 දී, කෑගල්ල මාතුල අළුලෙනේදී පළමුවර එවකට
    සිටි මගඵලලාභීන් විසින් නිබ්බාණගාමී දහම ත්‍රිපිටක ලෙසින් ලේඛණගත කරනු ලැබූවේ
    එවකට රටේ පැවති තත්වය මත මේ දහම තවදුරටත් එතෙක් කටපාඩමින් රැගෙන ආ ලෙසට ඉදිරියට
    ගෙනයාමේ අපහසුවක් තිබූ නිසාත්, සමාජය පිළිගත් වෙනත් ආගමිකයින්ගේද, පෘතග්ජන
    උගතුන්ගේද අදහස් සහ න්‍යායන් මේ දහමට එක්වී එය නිබ්බාණගාමී දිශාවෙන් වෙනත් අතකට
    යොමුවීමේ ප්‍රවණතාවයක් තිබූ නිසාම විය හැක.
    පුස්කොල තල්පත්වල මේ මාගධී ශබ්ද සංඥා මුලින්ම සිංහල අකුරින් ලියා තිබෙන්නේ එම
    අක්ෂර වචන ලෙස කඩා වෙන්කර නොව එකදිගට පේළි ලෙසයි. මේ අක්ෂර හෙවත් “අක්කරා”
    වලින් නැවත නිබ්බාණගාමී බුදුදහමේ අර්ථ, දම්ම, නිරුක්ති, පටිසම්භිදා නිවැරදිවම
    මතුවන ආකාරයට එම ත්‍රිපිටක ලේඛණ කියවා විග්‍රහ කල හැක්කේ, මේ පරියාප්ති,
    ප්‍රතිපත්ති සහ ප්‍රතිවේදී දහම මීට පෙර බුදුකෙනකුගෙන් හෝ ඉන්පසුකලෙක වෙනත් මගඵල
    ලාභී උතුමෙකුගෙන්ම අසා අඩුම තරමින්වත් සෝතාපන්න තත්වයට පත්වූ කෙනකුටම පමණි.
    එනම් කළ්‍යාණ මිතුරෙකුට පමණි. හේතුව මේ බුදුන්ගේ දහමේ න්‍යායන් තිබෙන්නේ, සියළු
    ආගම් වල පැවසෙන ආකාරයට යහපත් පැවැත්මක් පවත්වාගෙන ජීවිතය ගෙනයාමට නොව, ඉදිරියට
    පැවැත්ම නවතා තිත තැබීමේ පිළිවෙලකටයි. එනම් නිබ්බාණගාමී පටිපදාවකට හෙවත්
    සම්පූර්නයෙන්ම ගඟ ගලන දිශාවට පහසුවෙන් නොයා උඩුගම් බලා පිහිණීමක් සඳහාමයි.

    එවැනි පිළිවෙතක් කිසිම පෘතග්ජන මහාචාර්ය මට්ටමේ උගතෙකුට වුවද (බුදුන් කලනම්
    විවිධ දැනුම්වල පරප්ප්‍රාප්ත බ්‍රාහ්මණයිටත්) ලෙහෙසියෙන් සිතාගත හැකි හෝ
    නිවැරදිව විස්තර කල හැකි දෙයක් නොවේ. හේතුව මේ එකදිගට ලියාතිබෙන පේළිසහිත
    පෙළදහම විවිධාකාරයට, වචනවලට කඩා විවිධ අර්ථයෙන් ලෞකික යහපත් පැවැත්මක් පිණිස
    ඒවාට යහපත් පැවැත්මකට ගැලපෙන අරුත් ලබාදීද විග්‍රහ කිරීමක් පසුකලෙක සිදුවී ඇති
    නිසායි.
    බොහෝවිට ඉන්දියානු මහායාන බුද්ධාගමේ බලපෑමත් සමග මේ ත්‍රිපිටක දහම, අප අදහන
    බුද්ධාගම තුල බොහෝ තැන්වල මෙතෙක් දිගු කලක් විස්තර කෙරී ඇත්තේද ඊට සමාන
    ආකාරයකටයි. ඉතා පසුකාලවල උගත් බහුශ්‍රැත නමුත් මගඵල නොලැබූ අයවිසින් ලියවුනු
    පාලි අට්ඨකතා ලියවී තිබෙන්නේද බොහෝවිට ඒ ආකාරයටමයි.
    මේ නිබ්බාණගාමී දහම (සහ ඒසමගම එය දේශණාකරන කළණමිතුරෙකු හෙවත් නියත මගඵල ලාභී
    උතුමෙකු) හඳුනාගන්නේ කෙසේදැයි කාලාමා සූත්‍රයේ විස්තර කර තිබෙන අතරම එයද
    නිවැරදිව විග්‍රහකර ශ්‍රාවකයින්ට ව්ටහා දිය හැක්කේද නැවතත් කළණ මිතුරෙකු
    විසින්ම පමණි. අනෙකුත් බොහෝ (පෘතග්ජන) උගත් හාමුදුරුවරුද එම සූත්‍ර
    සම්පූර්නයෙන්ම පටලවා විස්තර කරනු ලබන බව සෑම අවස්ථාවකම දැක ඇත.

    බුදුන් අනුදැන වදාල නිබ්බාණගාමී මාර්ගයේ මුල්පියවර වන, සෝතාපන්න වීමේ මූලිකම
    අවශ්‍යතාවය, බොහෝ සූත්‍රවල විස්තර කෙරී ඇත්තේ “කළ්‍යාණමිත්‍ර ඇසුර” ලෙසත්
    ඉන්පසු සද්ධර්මය ශ්‍රවනය කිරීම ලෙසත්ය. එසේ දක්වා ඇත්තේ දහම දන්නා නිවන
    යම්තරමකට හෝ දැක ඇති අයෙකුගෙන්ම අසා දැනගැනීමේ එහි ඇති අතිශය වැදගත්කම
    නිසාවෙනි. එසේම, මේ බුද්ධ සාසනය අඩක්ම පවතින්නේ කළණමිතුරන් නිසානේදැයි
    ආනන්දහිමි බුදුන්වහන්සේගෙන් විමසනවිට ” නැහැ ආනන්ද මේ සාසනය 100%ක්ම පවතින්නේ
    කළ්‍යාණමිතුරන් නිසා” බව යයි වදාළේත් ඒනිසාවෙනි.

    මෙයින් ගම්‍යවන්නේ, කළ්‍යාණමිත්‍ර උතුමෙකුට හැර (එනම් මගඵල ලාභී උතුමෙකුට
    නැතහොත් කලින් උපතකදී මගඵල ලබා, ජාතසෝතාපන්නව ඉපැදී ඉන් පසු මේ උපතේදී ඉදිරියට
    ගිය අයෙකුට මිස), වෙනත් කිසිම සම්මත ලෞකික බහුශෘත යයි පිළිගත් ආචාර්ය මහාචාර්ය
    නමුත් ලෞකික පෘතග්ජන උගතුන්ට මේ ලිඛිත දහම, නිබ්බාණගාමී පිළිවෙතක් කරා මිනිසුන්
    රැගෙනයාම පිණිස නිවන්මගට යොමුකිරීමේ අරමුණින් තේරුම් කල නොහැකිබව බුදුන්වහන්සේ
    විසින්ම වදාරා ඇතිබවකි.
    ඉහතකී කාරණා ස්වල්පය මුලින්ම කීමට අදහස්කලේ පහත සඳහන් කරුණු මතුකර පෙන්වීමටයි.
    1. ත්‍රිපිටකය ලේඛණගත කිරීමෙනුත් වසර හාර පන්සියයකට පසුව, විවිධ හේතූන් මත
    මගඵලලාභීන් රටේ ක්‍රමයෙන් හීනවෙමින් යන අතර තුරදී උගත් යයි සම්මත පෘතග්ජන
    පඬිවරුන් පිටක දහම පරිශීලණය කිරීමේදී සහ එය නැවත විග්‍රහකරමින් අට්ඨකතා
    විග්‍රහයන් කිරීමේදී නිබ්බාණමග බොහෝදුරට වැසීයන ආකාරයට බොහෝ විග්‍රහයන් සිදුකර
    ඇති බව අපට වැටහේ. ඔවුන් මෙය හිතමතා කලදෙයක් නොවිය හැක. නමුත් එසේ සිදුවී ඇත.
    (මේ වකවානුවලදී පවා සුළුපිරිසක් ස්වාමීන්වහන්සේලා ත්‍රිපිටක ලේඛන දිරායනවිට
    දිගටම ආරක්ෂාකරගනිමින්, නැවත නැවත එම දහමම වෙනස්නොකර ලියමින් පවත්වාගෙන යාමද
    සිදුවී ඇතැයි පෙනේ.)

    2. මේ සමගම බුද්ධගෝෂ වැනි ඉන්දියානු පඬිවරුන් පවා මේ දහම, ඔවුන්ගේ උගත්කම්,
    වලට සරිලන ආකාරයට මෙරටට පැමිණ අලුතින් පොත් ලිවීම සිදුකර ඇත.
    3. එසේම 1900 ගනන්වල සිංහල භාෂාවට පරිවර්ථනය කරතිබෙන මාගධී ත්‍රිපිටකයේ සිංහල
    කොටසේ පවා කරන ලද පරිවර්තිත බොහෝ දහම් කරුණුද වැරදියට සිදුකර ඇතිබව දහම
    නිවැරදිව කළණ මිතුරෙකුගෙන් අසා දැන තේරුම්ගත් ඕනම කෙනකුට පැහැදිලිය.
    මේ ඉහතකී පොත්පත් ආශ්‍රයෙන් අපගේ උගත් යයි සම්මත හාමුදුරුවරු දහම උගෙනීමේදී
    උන්වහන්සේලාට නිවැරදි නිබ්බාණගාමී නිර්මල දහමක් උගෙනීමට හැකිවූයේයයි සිතීම
    දුෂ්කරය. මේ අනුව බොහෝ ස්වාමීන්වහන්සේලා ඒ බහුශෘතයයි සිතන උගත්කම මත පමණක්ම
    පිහිටා අදත් කටයුතු කරන බවක් පෙනේ. උන්වහන්සේලා දක්ෂ ධර්මධර කථිකයින් ලෙස ලෙස
    පෘතග්ජන ශ්‍රාවකයින්ට පෙනුනද, ඔවුන් බොහෝදෙනෙක් නිවැරදි නිබ්බාණගාමී දහමක්
    උකහාගෙන දේශණාකරන බවක් නම් අපට නොපෙනේ.

    බුදුදහම පිළිබඳ සොයාබැලීමට පත්කර ඇති මේ මන්ඩලයේ සිටින මේ අපගේ සම්මත උගත්,
    පණ්ඩිත මහාචාර්ය සියලුම පාහේ ස්වාමීන් වහන්සේලා වැටෙන්නේ ඉහතකී ගොඩටම බව අපටනම්
    සක්සුදක්සේ පැහැදිලිය.

    මේ ස්වාමීන් වහන්සේලා, විවිධ පැතිකඩවල් පෙන්වමින් රජයන් නොමග යැවීමට උත්සාහ
    දරනබවක් පෙනෙන අතර උන්වහන්සේලාගේ මූලිකම අවශ්‍යතාවය වියහැක්කේ මේ දහම නැවත
    පණපිහිටුවා මතුකල වචනයේ පරිසමාප්තියෙන්ම අපගේ කළ්‍යාණමිත්‍ර මීවණපළාණේ
    සිරිධම්මාලංකාර අරහතුන් වහන්සේ නැවත ත්‍රිපිටකයෙන්ම අර්ථ, ධම්ම, නිරුක්ති,
    පටිසම්භිදා ලෙස නිවැරදිව මතුකර පෙන්වූ නිර්මල නිබ්බාණගාමී දහම වසා දැමීමක් විය
    හැකි බව අපට පමණක් නොව ළමයෙකුට පවා පැහැදිලිය. ඊට හේතුව උන්වහන්සේලා මෙතෙක්
    මිනිසුන්ට දේශණාකරමින් පැමිණියේ නිවැරදි නිබ්බාණගාමී දහමක් නොවන බව දැන් දැන්
    බොහෝ ශ්‍රාවකයින්ට වැටහෙමින් යන නිසාත් එමගින් බොහෝ ශ්‍රාවකයින් ඒ
    හාමුදුරුවරුන්ගෙන් ගිලිහෙමින් යන නිසා විය හැක.

    මෙහිදී මේ උගත් හාමුදුරුවරු කරන තවත් උප්පරවැට්ටියක් වන්නේ අපගේ
    කළ්‍යාණමිත්‍රයන් වහන්සේගේ ගොඩටම වෙනත් විවිධ ආකාරයේ විකාරරූපී විදියට දහමක්
    නොව වෙනත් දේවල් දෙසන(දෙසාබාන) , ස්වාමීන්වහන්සේලායයි කියාගන්නා තවත් පිරිසකුත්
    එක්කර ඒ අය සියල්ලම එකම ගොඩකට ගොනුකර, රටට පෙන්වීමයි.

    තවමත් රටේ වැඩිපිරිසකට නිබ්බාණගාමී දහමක් ගැන අවබෝධයක් නොමැතිනිසා මෙවැනි
    දේවලට රැවටෙන බොහෝ පිරිසක්ද සමාජයේ සිටී. මෙවැනි ස්වාමීන්වහන්සේලාගෙන් මෙතෙක්
    බණ අසමින් මිනිසුන් ගිය යහමගක් අපටනම් පෙනෙන්නේ නැත. එසේනම් රටේ දැන් තිබෙන
    අවුල්, ප්‍රශ්න තිබිය නොහැක.

    ඔවුන් බොහොමයක්ම තුල මුල්බැසගෙන තිබෙන සැප සම්පත්වලට, ප්‍රසිද්ධියට, බලය
    පැතිරවීමට මෙන්ම ඒකාධිකාරී තත්වයක් පවත්වාගෙන යාමට ඇති අශාවන්ගෙන්ම ඒබව හොඳින්
    පෙනෙනේ. එසේම ඔවුන් රාජ්‍ය නායකාරකාදීන්ද බුද්ධාගමේ නාමයෙන් තම පාලනයට
    නතුකරගනිමින් කටයුතු කිරීමට ගිජුකමක් දක්වයි. නමුත් බුද්ධ ඉතිහාසය බැලූකල
    පෙනෙන්නේ ,නිබ්බාණගාමී දහම දෙශණා කිරීම සහ අවශ්‍යතැන්වලදී පාලකයින්ට උපදෙස්
    දීමකින් එහා බලපෑමක් කිරීම බුදුන් අනුදැන වදාළ දහමක් නොවේ යන්නයි. ඔබලාගේ
    අවධානය පිණිසම කිවයුත්තේ; “මජ්ජිම නිකායේ, මජ්ජිමපණ්ණාසපාලි 2″භික්කු වග්ගෝ
    භද්දාලි සූත්‍රයේ මේ උගත් පණ්ඩිත සහ සුඛවිහරණ අපේක්ෂිත ස්වාමීන්වහන්සේලා නිසා
    විණය නීති පවා වැඩිකිරීමට සිදුවන බව බුදුන්වහන්සේ දේශණාකර තිබෙන බවකි.

    ඔවුන් දහම රැකීමක් නොව තම තමන්ගේ සංස්ථා රැකගැනීමක් කරමින් සිටිති.
    මීවණපළාණේ සිරිධම්මාලංකාර අරියන් වහන්සේ මේ නැවත නිවැරදිව මතුකර පෙන්වා වදාළ,
    ත්‍රිපිටකයේ සඳහන් බුදුන්ගේ පරියාප්ති, ප්‍රතිපත්ති සහ ප්‍රතිවේදී බුදුදහම යනු
    බව උදුරා දමන බුද්ධන්‍යායක් මිසක්, එය බඩුභාණ්ඩයක්, නිකායක් ලෙස රැකිය හැකි
    දෙයක් නොවේ. එය මිනිසුන්ට නිවැරදිව මතුකර පහදා දිය යුතු සිත නිවා පිරිසිදුකර
    තැන්පත් කිරීමේ න්‍යායකි. එය චීවර, පිණ්ඩපාත, ගිලානප්‍රත්‍ය, ලබාගැනීම
    අරමුණුකොටගෙන සහ ප්‍රසිද්ධිය වැනි කරුණු කාරණා පිණිස භවිතා නොකරන භාවිත
    නොකලයුතු දහම් න්‍යායන්ය.

    මේ බුද්ධ න්‍යායන්ද (අනෙකුත් නිව්ටන්, අයින්ස්ටයින් වැනි නූතන විද්‍යාත්මක
    න්‍යායන් මෙන්ම) කිසිවෙකුට නැතිකල හැකි දේවල් නොවේඑහි රජයකට හෝ වෙනකාටවත්
    සංරක්ෂණය කලහැකිදෙයක් නැත.  

    දහම උවමනා නම් මේ විකාර වැඩවලට සම්මාදන්වී සිටින හාමුදුරු සීමිත පිරිස පුහු
    මානය පසෙකටලා කටයුතු කර,  අරහත් උතුමෙකු විසින් ත්‍රිපිටකයෙන්ම මතුකර පෙන්වූ මේ
    දහම තේරුම් ගෙන, රටේ මිනිසුන්ගේ ලෝභ ද්වේශ සිතිවිලි අවම කිරීමට කටයුතු කලයුතුය.
    එමගින් දහමට අනුව මිනිසුන්ගේ අයිතිවාසිකම් බලාපොරොත්තු අවමකිරීමට යොමුකරමින්,
    තම තමන්ගේ යුතුකම් වගකීම් ඉටුකර සමාජයක් කරා මිනිසුන් යොමුකල යුතුය. නිර්මල
    බුදුදහමටම අනුව මීවණපළාණේ අරහතුන් වහන්සේ දෙශණාකරන්නේ එම මගයි. එය නියම
    නිබ්බානගාමී දහම් මගයි. අද බොහෝ උගත් යයි සම්මත භික්ෂූන්ගේ දේශපාලනික හැසිරීම,
    අධිපරිභෝජනය, ව්යාපාරික ව්‍යවසායන් කිරීම් වලින් මේ කරුණු මනාව වැටහී යනු ඇත.

    එසේම මේ උගත් පණ්ඩිත ස්වාමීන්වහන්සේලාගේ ලෞකික උගත්කම නිසාවෙන්ම දහම වසාගෙන,
    නොදැනීම නිසාවෙන්ම හාස්‍යයට ලක්කරන, අරහතුන් වහන්සේ ත්‍රිපිටකයෙන්ම මතුකර
    පණපිහිටුවා වදාළ, මූලික දහම් න්‍යායන් වන “සංදේශණාව”, “ද්වතාවය”, “තිපරිවට්ටය”,
    “චතු අරියසච්ච”, “පිණ සහ කුසලයේ වෙනස” වැනි මූලික දේශණා කීපයවත් ඉඩලද
    අවස්ථාවන්හිදී ශ්‍රවණය කරන මෙන්ද ඔබලාගෙන් ඉල්ලාසිටිමි. මේ දේශණා අසා බුදුදහම
    හරියාකාරව තේරුම්ගෙන සිත යම්දුරකට හෝ නිවාගත් ප්‍රඥාව පාදාගත් ලක්ෂ සංඛ්‍යාත
    බෞද්ධ පිරිස් දැන් දැන් ලොව පුරාම සිටිනබවද ප්‍රකාශකරමි.

    අරහතුන් වහන්සේ මේ නැවත මතුකර පණපිහිටුවා දේශණාකරනු ලබන මේ නිර්මල දහම
    ඇසීමෙන්, දිනෙන්දින නියමාකාරයෙන් දහම් මග යන පිරිස එමග තේරුම්ගෙන ගමන්කරන බවක්
    පෙනෙන අතර, එවැනි පිරිස් රටේ වැඩිකිරීමෙන් මුළු රටම සුවපත් වීමටත්, රටේ ජනයාගේ
    ද්වේශය, අධිපරිභෝජන තණ්හාව අඩුවී රටේ ප්‍රශ්ණ අඩුවීමටත් එය ඉවහල් වන බවද
    කරුණාවෙන් සඳහන් කරණු කැමැත්තෙමි.. එසේ නොමැතිව මෙවැනි ඒක පාර්ශ්වික ලෙස පෙනෙන
    කොමිසමකින් කෙරෙන නිගමන වැරදුනහොත් එය මුළු රටේම අභාග්‍යයක් වීමට අවකාශයක්
    තිබේ.

    ස්තූතියි

    සුවපත්වේවා.

    නිමල් දම්සිරි වන්නිගම

    නවසීලන්තයේ සිට

    07 August 2021

Leave a Reply to Nimal Wannigama Cancel reply

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!