යෝජිත ත්‍රිපිටක සංරක්ෂණ පනත සඳහා විද්වත් තීරණ ලබාගැනීමට යැයි පවසමින් මහා නායක හිමිවරුන්ගේ පවා විරෝධතාව නොතකා පවත්වන රැස්වීමක් අද (07) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී නීති විරෝධී ලෙස ආරම්භ කර ඇත.
මෙම රැස්වීම පසුගිය 05 සහ 06 දෙදින ද මැදගොඩ අභයතිස්ස හිමියන්ගේ ප්‍රධානත්වයෙන් හා තවත් භික්ෂූන් වහන්සේලා පිරිසකගේ ද සහභාගීත්වයෙන් පැවැත්විණි.
නමුත්, දැනට රටේ පවතින සීඝ්‍ර කොරෝනා ව්‍යාප්තිය සැළකිල්ලට ගනිමින් ඊයේ (06) නව නිරෝධායන නීති හඳුන්වාදුන් අතර එම රෙගුලාසි අනුව රජයේ සියලුම රැස්වීම්, සැසි, වැඩමුළු සහ සම්මන්ත්‍රණ ඇතුළු සියලු වැඩසටහන් සැප්තැම්බර් මස 01 වැනි දා දක්වා පැවැත්වීම නවතා දමා ඇත.
නමුත් අද (07) එම රැස්වීම දැටමත් ආරම්භ වී තිබේ.
මහජනතාවගෙන් සහ මල්වතු අස්ගිරි මහ නාහිමිවරු ප්‍රමුඛ මහා සංඝරත්නයෙන් මෙම ත්‍රිපිටක පනතට දැඩි විරෝධයක් එල්ලවෙමින් තිබිය දී එම විරෝධය පමණක් නොව රටේ අන් ජනතාවට බලපාන නිරෝධායන රෙගුලාසි පවා උල්ලංඝනය කරමින් මෙම පනත ගෙන ඒමට රජයට සම්බන්ධ විවිධ පාර්ශව දැඩි උනන්දුවක් දක්වති.
බුද්ධ ශාසන අමාත්‍යාංශය මෙලෙස නීති උල්ලංඝනය කිරීම පිළිබඳ මහා සංඝරත්නයට ද ඇත්තේ දැඩි සැකයකි.





