-5.9 C
New York

ක‍ොරෝනා තිබිය දී ලාභ ඉපයූ සමාගම්වල කොටස් මිල ඉහළට

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (06) දිනයේ සම්පූර්ණ පිරිවැටුම රුපියල් බිලියන 4.1ක් ලෙස වාර්තා කළ අතර දිනයේ ගනුදෙනු අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 87.18කින් ඉහළ ගිය අතර ඒකක 8,110ක් බවට පත්විය.

දිනයේ ගනුදෙනු සඳහා වැඩි වශයෙන් කොටස් හුවමාරු වූ සමාගම් අතර මෙල්ස්ටාකොප් සමාගම රුපියල් මිලියන 763යි, එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 707යි, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 387ක් ලෙස මූලික විය.

දිනයේ ගනුදෙනු අතරතුර මෙල්ස්ටා කොප්, අම්බර්න් හෝල්ඩින්ස් සහ හේලිස් ෆැබ්රික් සමාගම්වල කොටස් හුවමාරු කිහිපයක් ද සිදුවිය.

අද ගනුදෙනු අතරතුර විශේෂිතම ලක්ෂණය වන්නේ විදේශීය ආයෝජකයන්ගේ මිල දී ගැනීම් වැඩිවීම සහ විකිණීම් අඩුවීමත්ය. ඒ අනුව විදේශීය ආයෝජකයන් රුපියල් මිලියන 65ක කොටස් මිල දී ගෙන ඇති අතර රුපියල් මිලියන 56ක කොටස් මිල දී ගෙන තිබේ.

ඒ අනුව කොළඹ කොටස් වෙළෙඳ පොළට රුපියල් මිලියන 09ක විදේශ ආයෝජන ආකර්ශනය වී ඇත.

කොටස් ගනුදෙනු අනුව සමස්ත කොටස් මිල දර්ශකය ඉහළ යාම කෙරෙහි දායක වූ සමාගම් ප්‍රතිශතයක් ලෙස ඩයලොග් ආසියාටා 11%ක් ද, එක්ස්පෝ ලංකා 10% ද, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට 9.7%ක් ද ලෙස මූලික විය.

විදේශීය ආයෝජකයන් කොටස් මිල දී ගත් සමාගම් අතර සම්පත් බැංකුව රුපියල් මිලියන 22.3යි, ඩිප් ප්‍රඩක්ට් රුපියල් මිලියන 06, සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් රුපියල් මිලයන 05යි ලෙස ද විදේශීය ආයෝජකයන් කොටස් විකුණූ සමාගම් අතර ඩ‍යලොග් ආසියාටා රුපියල් මිලියන 10ක්, පීපල්ස් ලීසිං රුපියල් මිලියන 04ක්, සිලෝන් ටුබැකෝ රුපියල් මිලියන 3.8ක් ලෙස කැපී පෙණිනි.

කොළඹ කොටස් වෙළෙඳ පොළ බොහෝ සමාගම්වල 2021 දෙවැනි කාර්තුවේ මූල්‍ය වාර්තා මෙම අගෝස්තු මාසයේ දී ලැබීමට නියමිත අතර කොවිඩ් 19 වසංගතය හමුවේ වඩාත් හොඳින් ලාභ ඉපයූ සමාගම්වල කොටස් මිල තවදුරටත් ඉහළ යා හැකි බවට ආයෝජකයන් විශ්වාසය පළ කර සිටියි.

Related articles

Recent articles

spot_img