spot_img
spot_imgspot_img

GMOA නිලධාරීන්ට අධිකරණයෙන් පැනවූ තහනම තවත් දිර්ඝ කරයි

පුවත්

විදෙස්

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිලධාරී මණ්ඩලයට එරෙහිව පනවා ඇති වාරණ නියෝගය තවත් දින 14කින් දීර්ඝ කිරීමට මොරටුව දිසා අධිකරණය ඊයේ (05) නියෝග කරන ලදී.

වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිල කාලය අවසන් වීමෙන් පසුව හිටපු විධායක සභාවට තවදුරටත් සේවය කිරීමට අවස්ථාවක් ලබාදෙන ලෙස එම නිලධාරීන් සංගමයේ නියෝජිතයන් කිහිපදෙනෙකු කොළඹ දිසා අධිකරණයෙන් මුල් අවස්ථාවේදී ඉල්ලීමක් කර තිබිණි.

එයට එරෙහිව මොරටුව දිසා අධිකරණයට වෛද්‍යවරු පිරිසක් විසින් පෙත්සමක් ගෙනූ කළ අතර එම පෙත්සමට අනුව දැනට සති 2 පමණ කාල සීමාවක සිට වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මෙතෙක් පැවති විධායක සභාවේ ක්‍රියාකාරීත්වය අහෝසි කර ඇත.

වසර හතකට ආසන්න කාලයක් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සභාපති ධුරය දැරූ විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය ඇතුළු විධායක සභාවට එම නිලතල දැරීමට මේ අනුව තහනම් වී තිබේ.

වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයන් 20,000 කට ආසන්න ප්‍රමාණයක් සිටින නමුත් වාර්ෂිකව නිලවරණයට  සඳහා සහභාගි වන්නේ වෛද්‍ය නිලධාරීවරුන් දෙදහසකට ආසන්න ප්‍රමාණයක් වන බැවින් වඩාත් ස්වාධින ලෙසද සියලුම සාමාජිකයන්ට නිලවරණයේදී ඡන්දය භාවිතා කළ හැකි අන්දමට අතුරු කමිටුවක් හරහා සාධාරණ මැතිවරණයක් පවත්වන ලෙසට මෙවර මැතිවරණයට ඉදිරිපත්ව සිටින වෛද්‍යවරු කණ්ඩායමක් අධිකරණයෙන් ඉල්ලීම් කර තිබිණි.

වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිල වරණයේදී අනුරුද්ධ පාදෙණිය පාර්ශවයට එරෙහිව සභාපති ධූරය සඳහා වෛද්‍ය ජයරුවන් බණ්ඩාර, ලේකම් ධූරය සඳහා වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු, සහකාර ලේකම් ධුරය සඳහා වෛද්‍ය චමල් සංජීව ඇතුළු වෛද්‍යවරුන් කණ්ඩායමක් ඉදිරිපත් ව සිටිති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!