-2.1 C
New York

රටම දැඩි අවදානමක බව වෛද්‍ය සභාව ජනාධිපතිට ලිඛිතව දැනුම් දෙයි

Published:

රෝහල්වල දැඩි සත්කාර ඒකක මෙන්ම සාමාන්‍ය වාට්ටු ද කොරෝනා ආසාදිතයන්ගෙන් පිරී යාමේ තත්ත්වයක් පවතින බවත් මෙය මෙරට සෞඛ්‍ය පද්ධතියට දරාගත නොහැකි බවත් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ලිඛිතව දැනුම් දී තිබේ.

එම ලිපිය මගින් පෙන්වා දී ඇත්තේ රට පුරා වේගයෙන් කොරෝනා ව්‍යාප්තියට හේතුව ඩෙල්ටා ප්‍රභේදය බවයි.

මහජන ඒකාරාශිවීම් අවම කිරීම, නිසි ලෙස මුව ආවරණ පැළඳීම, විෂබීජ නාශක දියර මගින් අත් පිරිසිදු කර ගැනීම සහ සමාජ දුරස්ථභාවය තබා ගැනීම වැනි කරුණු මගින් පමණක් කොරෝනා ව්‍යාප්තිය අවම කර ගත හැකි බවයි ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පෙන්වා දෙන්නේ.

පළාත් අතර සංචරණ සීමා ඉවත් කිරිම, සමාජීය උත්සව, විනෝදාස්වාද ස්ථාන විවෘත කිරීම, පොදු ප්‍රවාහන සේවා භාවිතය, ආගමික ස්ථාන විවෘත කිරිම සහ කාර්යාල සාමාන්‍ය පරිදි පවත්වාගෙන යෑම වැනි කටයුතු සඳහා පනවා තිබු සීමා ලිහිල් කිරිමට ඉඩ දීම  කොරෝනා ව්‍යාප්තියට මුලික හේතුව වී ඇති බව ද ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සඳහන් කර සිටියි.

වසංගත තත්ත්වය හමුවේ ඉදිරි පෙළ සිටින සෞඛ්‍ය අංශ සාමාජිකයින් ද ආසාදිතයින්ට ආසාදිතයින් බවට පත්වීමේ අවස්ථා වාර්තා වන බැවින් ඉදිරියේ දී සෞඛ්‍ය යාන්ත්‍රණය ද කඩා වැටීමේ අවදානමක් ඇති බව ද ශ්‍රී ලංකා වෛවද්‍ය සභාව පවසා ඇත.

දැනට පවතින තත්ත්වය පාලනය කිරීම මෙන්ම සෞඛ්‍ය අංශවල ක්‍රියාකාරිත්වය ක්‍රමවත්ව පවත්වාගෙන යෑමට අවශ්‍ය නිසි පියවර හැකි ඉක්මනින් ගන්නා ලෙසට ද ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මෙම ලිපිය මගින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.

Related articles

Recent articles

spot_img