-5.9 C
New York

සමාජ මාධ්‍ය තහනම් කළ යුතුයැයි පාර්ලිමේන්තුවේ දී කතාවෙයි

Published:

ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය තහනම් කළ යුතුයැයි කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසයි. ඔහු පවසන්නේ මෙරට සිදුවන ළමා අපචාර සඳහා facebook ඇතුළු සමාජ මාධ්‍ය 90%ක් ම වගකිව යුතු බවයි.

ඔහු මේ බව බදාදා (04) පාර්ලිමේන්තුවේ දී කියා සිටියේය.

“මේ රටේ සමාජ මාධ්‍ය මර්ධනය කිරීමට හෝ නියාමනය කිරීමට කිසිදු නීතියක් නැහැ. මම හැමවෙලාවේ ම කැබිනට් මණ්ඩලයටත් මේ ගැන කියනවා. චීනයේ සමාජ මාධ්‍ය ජාලා නැහැ. අපේ ඒ ‍වගේ නෙවෙයි. සමාජ මාධ්‍ය ජාලා භාවිතා වෙනවා. ස්තාලය ඇරලා දාලා පස්සේ අශ්වයා අල්ලාගන්න බලනවා. මේ සම්බන්ධයේන හඬක් නැගිය යුතුයි. සමාජ මාධ්‍ය ජාලා තහනම් කළ යුතුයි. නැතිනම් නියාමනය කිරීමේ වැඩපිළිවෙලක් සකස් කළ යුතුයි.”

අමාත්‍යවරයා සඳහන් කරන්නේ එසේ නොකළහොත් මෙරට සිදුවන ළමා අපචාර වැනි ක්‍රියාවන් නැවැත්විය නොහැකි බවයි.

සේවකයන්ගේ අවම වැටුප පිළිබඳ සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

Related articles

Recent articles

spot_img