-5.9 C
New York

ඩෙල්ටා පැතිරීම ගැන ආචාර්ය ජීවන්දරගෙන් භයානක හෙළිදරව්වක්

Published:

වේගවත් ව්‍යාප්තියක් සහිත කොරෝනා ඩෙල්ටා ප්‍රභේදය මේ වනවිට මෙරට ප්‍රමුඛ ප්‍රභේදය බවට පත්ව ඇතිබව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර නිකුත් කළ twitter පණිවිඩයකින් තහවුරු වෙයි.

ඔහු එම සටහනට පදනම් කරගෙන ඇත්තේ එම ඒකකයේ පිහිටි රසායනාගාරයේ දී කරන ලද පීසීආර් පරීක්ෂණවල දත්තයන්ය. එය පහත දැක්වෙයි.

මෙම සටහනේ නිල් පැහැයෙන් ඇල්ෆා ප්‍රභේදය දක්වා ඇති අතර කොළ පැහැයෙන් ඩෙල්ටා ප්‍රභේදය දක්වා තිබේ. පළමු සතියේ දී ඩෙල්ටා ප්‍රභේදය ඔවුන්ගේ රසායනාගාර පරීක්ෂණවලට ලක්කළ ජෛව සාම්පල අතරින් 19.3% ප්‍රමාණයක වාර්තා වී ඇති අතර මේ වනවිට එම ප්‍රමාණය 75% ඉක්මවා තිබේ.

Related articles

Recent articles

spot_img