spot_img
spot_imgspot_img

මෙරට කොරෝනා හැඳුණු දරුවන් 46,000ට ආසන්නයි

පුවත්

විදෙස්

කොරෝනා ආසාදනයවූ දරුවන්  45,831 ක් මේ දක්වා ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පාර්ලිමේන්තුවේදී අද (5) පැවසුවාය.

කොවිඩ්  ආසාදනයවු වයස 18ට අඩු දරුවන් දාහතර දෙනකු  මියගොස් ඇතැයිද ඇය සඳහන් කළාය.

සෞඛ්‍ය ඇමැතිවරිය  මෙසේ පැවසුවේ  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

මෙසේ කොවිඩ්  ආසාදනයවූ දරුවන් පිරිසට අවුරුදු 10 ට අඩු දරුවන් දහනම දහස් හය සිය අසූ අටක්ද (19,688) අවුරුදු 10ත්18ත්  අතර දරුවන් විසි හය දහස් එකසිය හතළිස් තුනක්ද(26,143) ඇතුළත් වන බව වන්නිආරච්චි මහත්මිය කීවාය.

රටේ කොවිඩ් 19 ආසාදිත  දරුවන් සංඛ්‍යාව සැලකිය යුතු ලෙස ඉහළ යමින් පවතින බවද  ඇය ප්‍රකාශ කළාය .

මේ අතර මියගොස් සිටි දරුවන් දාහතර දෙනා අතරේ  වයස 0-5 අතර දරුවන් 7 දෙනෙකුද  වයස 6-10 අතර දරුවන් තිදෙනෙකුද වයස 11-15 අතර දරුවන් දෙදෙනෙකුද වයස 16-18 අතර දරුවන්  දෙදෙනෙකුද   වන බව  සෞඛ්‍ය ඇමැතිවරිය සඳහන් කළාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!