-2.1 C
New York

වයිරසය ජයගනී. රෝහල් පිරේ. තැන තැන මරණ. පැයකට මරණ තුනක් වාර්තා වෙයි

Published:

මේ වනවිට රටේ පවතින තත්වය අනුව කොරෝනා වසංගතය පාලනයෙන් ගිලිහී ගොස් වයිරසය ජයග්‍රහණය කර ඇති බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ උප සභාපති විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිලක පවසයි.

එන්නත්කරණය සිදුකළ ද ඒ අතරතුර වයිරසය ජයග්‍රහණය කරන බව විශේෂඥ වෛද්‍යවරයා කීවේය. ඔහු පවසන්නේ සෑම පැයකටම අවම වශයෙන් කොරෝනා මරණ තුනක් මෙරට සිදුවෙමින් පවතින බවයි.

“මේ ආසාදිතයින් 2,000 ගණන මම විශ්වාස කරන්නේ නෑ. එය නිවැරදි නැහැ. පරීක්ෂාකරන පීසීආර් ප්‍රමාණය අනුවයි මේ ප්‍රමාණය අපට හඳුනාගන්න ලැබෙන්නේ. මීට මාසයකට පමණ පෙර පීසීආර් 20,000ක් කරන විට ආසාදිතයන් 2,500ක් විතර වාර්තා වුණා. දැන් 2,500ක් වාර්තා වන්නේ පීසීආර් 12,000ක් වැනි ප්‍රමාණයකින්. මේ ඩෙල්ටා ප්‍රභේදය එක් අයකුගෙන් 10 දෙනෙකුට විතර සීග්‍රයෙන් පැතිරෙනවා. එතකොට යම් ප්‍රතිශතයක් පොසිටිව් වෙනකොට තව ඒ වගේ පස් හයගුණයක් වයිරසය සමඟ සමාජයේ ඉන්නවා අපි හඳුනාගන්නේ නැතිව. අපි දැන් හතරවැනි රැල්ලක් තත්ත්වයක ඉන්නේ. එන්නත්කරණය අතරේ ඊට ඉදිරියෙන් වෛරසය දිනන තත්ත්වයක් තමයි දැනට පේන්නේ. එන්නත්කරණය සිදුවෙමින් පැවතියත් දැන් වයිරසය ජයග්‍රහණය කරලා. සෞඛ්‍ය අංශ ජයගැනීමට නම් සංචරණ සීමා පනවා හැකි ඉක්මණින් එන්නත්කරණය අවසන්කිරීමයි එකම පිළිතුර.”

Related articles

Recent articles

spot_img