-4.8 C
New York

දකුණේ එකම ස්නායු ශල්‍ය ඒකකයත් ගැටලුවක ? කොරෝනා ආසාදිතයන් වාර්තා වෙයි

Published:

දකුණු පළාතේ එකම ස්නායු ශල්‍ය වෛද්‍ය ඒකකයේ සැත්කම් කටයුතු කොරෝනා හේතුවෙන් නවතා දැමීමට සිදුව ඇතැයි කරාපිටිය ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලය පවසයි.

එම ඒකකය කරාපිටිය ශික්ෂණ රෝහලේ ස්ථාපිත කර තිබේ. මෙම ඒකකයේ සැත්කම් සඳහා යොමුකරන රෝගීන්ට සඳහා වෙන්කර ඇති ස්නායු ශල්‍ය දැඩි සත්කාර ඒකකයෙන් පසුගිය 03 වැනි දා කොරෝනා ආසාදිතයන් තිදෙනකු වාර්තා වූ අතර ඉන් එක් අයකු ඊයේ (04) මියගියේය.

එම දැඩි සත්කාර ඒකකයේ රෝගීන් 06 දෙනකු සඳහා පහසුකම් ඇති අතර දැනට රෝගීන් 04 දෙනෙක් එහි සිටිති. මේ වනවිට ඉන් දෙදෙනකු කො‍රෝනා ආසාදිතය.

රෝහල් ප්‍රකාශකයකු කියා සිටියේ එම ආසාදිතයන් දෙදෙනා වෙනත් දැඩි සත්කාර ඒකකයට ‍යොමුකරන තුරු මෙම දැඩි සත්කාර ඒකකය ස්නායු සැත්කම්වලට යොමුකරන රෝගීන් ඇතුළත් කිරීමට නොහැකිව ඇති බවයි. මේ හේතුවෙන් සැත්කම් නවතා දැමීමට සිදුව ඇත.

දැනට ශ්‍රී ලංකාවේ ඇති දැඩි සත්කාර ඒකක ඇඳන් කොරෝනා ආසාදිතයන්ගෙන් පිරී ගොස් ඇති බැවින් එම ආසාදිතයන් දෙදෙනා මෙම ඒකකයෙන් ඉවත්කිරීම ද ගැටලුවක් වී ඇත.

එබැවින් ස්නායු ශල්‍ය ඒකකයේ සාමාන්‍ය කටයුතු නවතා දැමීමට සිදුව තිබේ.

Related articles

Recent articles

spot_img