-5.9 C
New York

“සංචරණය සීමා නොකර කොරෝනා පාලනය කළ නොහැකියි” – වෛද්‍යවරු කියති

Published:

දැනට රට පුරා සීඝ්‍රයේ පැතිරයන කොරෝනා වසංගත තත්වය පාලනය කරගැනීමට නම් සංචරණ සීමා පැනවීම අත්‍යාවශ්‍ය බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න පවසයි.

ඇය වැඩිදුරටත් කියා සිටියේ දැනට හඳුනාගෙන සිටින රෝගීන් මෙන් පස් ගුණයක් පමණ රෝගීන් සමාජයේ සිටිය හැකි බවයි.

“දැනට රෝහල්වල වාට්ටු ආසාදිතයන්ගෙන් පිරී ගොස් තිබෙනවා. ඇතැම් රෝහල් හදිසි තත්ත්වයකට පත්කරලා. ජනතාවත් පොදුවේ සෞඛ්‍ය නීති නිසි පරිදි පිළිනොපදින තත්වයක් පෙනෙන්නට තිබෙනවා. ඉතින් සංචරණ සීමා නොදා මේ රෝගය තවදුරටත් ව්‍යාප්තවීම පාලනය කරන්න බෑ”

Related articles

Recent articles

spot_img