තිලක්ෂණී මධුවන්ති, සිරස Newsfirst නිවේදිකාවක්. ඇය අද (05) අළුයම facebook සටහනක් දමා තිබුණා. ඉන් ප්‍රකාශ කර තිබෙන්නේ කොරෝනා ආසාදිත වූ තම මව සමඟ කළුබෝවිල රෝහලේ ගත කළ ආකාරය. ඇය මේ කරන ප්‍රකාශය රටේ සියලු දෙනා කියවිය යුතුයි. දැන් ශ්‍රී ලංකාව පත්ව ඇති භයංකාර තත්ත්වය ඇය වචන කහිිපයකින් විග්‍රහ කරන්නේ මේ ආකාරයට
ඉන්දියාව ගැන මම කියපු නිවුස් දැන් මම ඇස් දෙකෙන් දකිනවා
දැන් වෙලාව අලුයම 1යි විනාඩි 20 යි.
මේ කළුබෝවිල රෝහලේ කොවිඩ් වාට්ටුව.වාට්ටුවේ එක් ඇඳක රෝගීන් දෙදෙනෙකු හෝ තුන්දෙනෙක්.
ඔවුන් අසාධ්‍ය රෝගීන්.වාට්ටුවේ බිම ඇඳන් යට තවත් පිරිසක් ඔක්සිජන් ලබා ගනිමින් ජීවිතය බේරගන්න සටන් කරනවා.
අඩි තියා ඇවිදින්න බය හිතෙන තරමටම බිම රෝගීන්.
ඉතිරි සියලු ආසාදිතයින් ( සියය ඉක්මවූ පිරිසක් ) එළිමහනේ බංකු, පුටු මත හෝ ගස් පාමුල.තවත් පිරිසක් වැලි පොළවේ ඇතිරිල්ලක් හෝ නොමැතිව.
මේ පාන්දරත්, ඇඩ්මිෂන් පෝලිම ගොඩක් දිගයි.
අපහසුවෙන් සොයාගත් පුටුවක් මත අම්මා තබා මා ගල් බැම්මක් උඩට වී ඇයට උපස්ථාන කරනවා.
සීතලේ මදුරුවන් තලමින්, මේ හැමෝම කොරෝනා එක්ක සටන් කරනවා.
මගේ ඇස් ඉදිරිපිටම පැය කිහිපයක් තුළ දෙදෙනෙකු මිය ගියා.
ඇතමුන් ක්ලාන්ත වී ඇද වැටෙනවා.
කාර්ය මණ්ඩලය සීමිතයි.ඔවුන් දේවකාරිය තරමටම රාජකාරිය ඉටු කරන්නේ වෙහෙස නොබලා.
මගේ අම්මා මේ විදිහට කොරෝනා එක්ක සටන් කරද්දි තාත්තා දින ගණනාවක් ඔක්සිජන් මැෂිමකට ජීවිතය දීලා බලන් ඉන්නවා.
මේ ජීවිතය ඇතුළේ මීට වඩා විඳින්න දුකක් නෑ.මීට වඩා අසරණකමකුත් නෑ.හෙට මමත් ආසාදිතයෙකු වෙයි.
මට කියන්න තියෙන්නෙ එකම දෙයයි.
කොරෝනා සුළුවෙන් තකන්න එපා.
පුළුවන් තරම් පරිස්සම් වෙන්න.
පවුලේ හැමෝම පරිස්සම් කරගන්න.
ඉන්දියාව ගැන මම කියපු නිවුස් අද මම මගේ රටේදි ඇස් දෙකෙන් දකිනවා.
පරිස්සම් වෙන්න.. හොඳටම පරිස්සම් වෙන්න….
සටහන – තිලක්ෂණී මධුවන්ති, සිරස Newsfirst නිවේදිකාව

කොපමණ වටහල දුන්නත් අපේ සමහර මිනිස්සු මේ රෝගය ගනන් ගන්නේ නෑ. ඒ අස්සේ සෑම තරාතිරකවම රාජ්‍ය නිලධාරීන්, ගුරුවරුන්ගේ නොයෙකුත් උද්ඝෝෂණ, අනේ මන්ද මෙහෙම ගියොත් වැඩිකල් නොගොස් අපේ රට ඉන්දියාව වගේ වේවි. ඉල්ලීම් කොතරම් සාධාරණ උනත් මේ ඒ සදහා සුදුසු කාලය නෙවේ. මේ සියලු කරුණු කාරණා අස්සේ පාට පක්ෂ වලට බෙදුනු ජාතියක්. රටේ සියලුම ප්‍රශ්න දේශපාලන පක්ෂ කෝනයකින් බැලීම නවතිනතාක් මේ රටෙහි කිසිදු ප්‍රශ්නයකට නිශ්චිත පිළිතුරක් සෙවීමට නොහැකි වනුඇත.