-2.1 C
New York

මරණ 82ක්. ආසාදිතයන් 2,543ක්

Published:

කොරෝනා ආසාදිත වී මියගිය පුද්ගලයන් 82ක් සහ ආසාදිතයන් 2,543ක් බදාදා (04) දිනයේ දී රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇත.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසා ඇත්තේ මෙම මරණ 82 සිදුව ඇත්තේ අඟහරුවාදා (03) දිනයේ දි බවයි. ඒ අනුව එම මරණ සංඛ්‍යාව මෙරට දිනක්තුළ සිදුවූ වැඩිම මරණ සංඛ්‍යාව ලෙස සැළකේ.

අඟහරුවාදා මිය‍ගිය අය අතර කාන්තාවන් 41ක් සහ පිරිමි පුද්ගලයන් 41ක් සිටින අරත 60 දෙනකු ම වයස 60 ඉක්මවූ වැඩිහිටියන්ය. වයස අවුරුදු 30-59ත් අතර පසුවූ 22ක් ද මියගිය අය අතර සිටින බව සෞඛ්‍ය අංශ වාර්තාවේ දැක්වේ.

මෙම මරණ 82 ද සමඟ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 4,727 ක් දක්වා ඉහළ ගොස් ඇත.

මේ වනවිට ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් සංඛයාව 318,755ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Related articles

Recent articles

spot_img