-4.8 C
New York

සැමියා සහ බිරිඳ කොරෝනා සෑදී ගෙදර දී ම මියගිහින් එකම මොහොතේ අවසන් ගමන් යති

Published:

ගාල්ලේ නාගොඩ පදිංචි සැමියා සහ බිරිඳ දෙදෙනා ම කොරෝනා ආසාදනය වී නිවසේ දී මියගොස් ඇතැයි කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ නාගොඩ කුරුපනාව පදිංචි 73 හැවිරිදි සැමියා සහ 72 හැවිරිදි බිරිඳයි.

නිවසේ දී මියගිය සැමියාගේ සිරුර කරාපිටිය රෝහලට ගෙනවිත් කරන ලද පීසීආර් පරීක්ෂණයෙන් ඔහු කොරෝනා ආසාදිත බව ඊයේ (03) තහවුරුවිය. මේ අතර ඊයෙ බිරිඳ ද නිවසේ දී ම මියගියාය. ඇගේ සිරුර ද කරාපිටිය ශික්ෂණ රෝහලට ගෙනවිත් කරන ලද පීසීආර් පරීක්ෂණයේ ප්‍රතිඵල අද (04) උදෑසන  ලැබුණු අතර ඉන් තහවුරු වී තිබුණේ ඇය ද කොරෝනා ආසාදනය වී මියගිය බවයි.

මෙම දෙදෙනාගේ මළ සිරුරු නිරෝධායන නීති අනුව අද (04) සවස දඩල්ල සුසානභූමියේ දී ආදාහනය කිරීමට නියමිත බව අධිකරණ වෛද්‍ය අංශය පවසයි.

Related articles

Recent articles

spot_img