-4.8 C
New York

සන්නද්ධ කල්ලියක් නැවක් පැහැරගනී

Published:

එක්සත් ආරාබි එමීර් රාජ්‍යයට අයත් නෞකාවක් ඕමාන සාගර කලාපයේ දී සන්නද්ධ කල්ලියක් විසින් පැහැරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාකරයි.

මෙලෙස පැහැරගෙන ඇත්තේ ඇස්ෆල්ට් ප්‍රින්සස් නමැති නෞකාවකි. එය පැනමා ධරජය යටතේ තාර ප්‍රවාහනය කරමින් තිබී ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එය ඉරානය දෙසට යාත්‍රා කරවන්න යැයි සන්නද්ධ කණ්ඩායම විසින් නාවිකයන්ට බලකරමින් සිටින බවයි.

නැව පැහැරගැනීමට හේතුවක් මෙතෙක් අනාවරණය වී නැත. එමෙනම් පැහැරගත් කණ්ඩායම කවුරුන්ද යන්න නොදන්නා බවත් ඔවුන් ඉරාන ආරක්ෂක අංශ විය හැකියැයි ද සැකයක් පවතී.

එනමුත් එම චෝදනාව ඉරාන විප්ලවවාදී ආරක්ෂක අංශ විසින් ප්‍රතික්ෂේප කර ඇත.

මීට රප ඊශ්‍රායලයට අයත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට ඕමාන සාගර කාලපයේ දී ප්‍රහාරයක් එල්ල වූ අතර එහි දී නාවිකයන් තිදෙනකු මියගොස් තිබිණි. ඊශ්‍රායලය, බ්‍රිතාන්‍යය සහ ඇමෙරිකාව එම සිද්ධිය සම්බ්නධ චෝදනා එල්ල කළේ ද ඉරාන ආරක්ෂක අංශයටය.

https://www.bbc.com/news/world-middle-east-58078506

Related articles

Recent articles

spot_img