-5.9 C
New York

“සංචරණ සීමා ඉවත්කිරීමෙන් රටම අමාරුවේ වැටුණා” – විශේෂඥ වෛද්‍ය සංගමය

Published:

කොරෝනා ආසාදිතයන සඳහා ශ්‍රී ලංකාවේ රෝහල්වල ප්‍රතිකාර කිරීමට හැකි ධාරිතාව උපරිම මට්ටමට ළඟා වී ඇතැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.

මෙයට හේතුවූයේ වේගවත් ව්‍යාප්තියක් සහිත කොරෝනා ඩෙල්ටා ප්‍රභේදය රටපුරා පැතිරයමින් තිබිය දී රජය සංචරණ සීමා ඉවත්කිරීම බව ද එම සංගමය චෝදනාකරයි.

මේ වනවිට වාර්තාවන කොරෝනා ආසාදිතයන් අතරින් අති බහුතරයකට ඔක්සිජන් අවශ්‍ය තත්වයක් නිර්මාණය වී ඇති බව එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු කීවේය. තවදුරටත් කොරෝනා ආසාදිතයන් වැඩිවීම ඉතාමත් අනතුරුදායක තත්වයක් බවත් හෙතෙම කීවේය.

Related articles

Recent articles

spot_img