spot_img
spot_imgspot_img

රසායනික පොහොර තහනමේ සංශෝධනයක්. වර්ග කිහිපයක් ගෙන්වයි

පුවත්

විදෙස්

රසායනික පොහොර වර්ග කීපයක් මහ කන්නයේ වගා කටයුතු සඳහා ආනයනය කිරීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් අද (03) ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ

ඒ අනුව නයිට්‍රේට මිශ්‍රණ, කැල්සියම් කාබනේට් හෝ වෙනත් අකාබනික නොවන පොහොර, සුපර් පොස්පේට් සහ නයිට්‍රජන්, පොටෑසියම්, පොස්පේට් යන මූලද්‍රව්‍ය දෙකක් හෝ තුනම අඩංගු පොහොර වර්ග ගෙන්වීම සඳහා බලපත්‍රලභීන්ට අවසර හිමිවෙයි.

මීට ඉහත රසායනික පොහොර ආනයනය කිරීම තහනම් කර තිබූ ගැසට් නිවේදනය සංශෝධනය කරමින් මුදල් අමාත්‍යවරයා විසින් නව ගැසට් පත්‍රය නිකුත් කර ඇත.

කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා කාබනික පොහොර භාවිතය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් රසායනික පොහොර, කෘමිනාශක සහ වල්නාශක ආනයනය ජනාධිපතිවරයා විසින් 2021 අප්‍රේල් මස 27 වැනිදා ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශය අනුව තහනම් කර තිබිණි.

ඒ අනුව හඳුනාගත් රසායනික පොහොර, කෘමිනාශක සහ වල්නාශක ගණයට ගැනෙන භාණ්ඩ ආනයනය තවදුරටත් නියාමනය කරන බව ද ආනයන හා අපනයන පාලක දෙපාර්තමේන්තුව පවසයි.

බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා බවට පත්වීමෙන් පසු රසායනික පොහොර සීමා සහිතව ආනයනය කිරීමේ සූදානමක් ඇති බව අප වෙබ් අඩවිය මගින් ද අනාවරණය කෙරිණි. එම අනාවරණයෙන් පසු ජනාධිති මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත්කරමින් කියා සිටියේ රසායනික පොහොර නැවැත්වීමට ජනාධිපතිවරයා ගෙන ඇති තීරණය කිසිසේත් ආපසු හැරවීමට සූදානම් නැති බවයි.

අප ඇතුළු මාධ්‍ය මගින් ගෙන ගිය පුවත සාවද්‍ය බව ජනාධිපති මාධ්‍ය ඒකකය ප්‍රකාශ කළ ද දැන් එය සත්‍ය බව ගැසට් නිවේදනය මගින් තහවුරු වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!