කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (03) දිනයේ විශාල පිරිවැටුමක් ලෙස රුපියල් මිලියන 6,647ක් වාර්තා කළ අතර සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 74.5කින් ඉහළ යන ලදී.
ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 8,233ක් බවට පත්විය.
වැඩිම පිරිවැටුමක් සහිතව කොටස් ගනුදෙනු වූ සමාගම් අතර එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 1,885යි, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 688යි, රෝයල් සෙරමික් සමාගම රුපියල් මිලයන 515යි වශයෙන් කැපී පෙණිනි.
දිනයේ වඩාත් සක්‍රීයව කොටස් ගනුදෙනු වූ සමාගම් අතර එක්ස්පෝ ලංකා සමාගම, රෝයල් සෙරමික් සමාගම සහ වැලිබල් වන් සමාගම ප්‍රධාන විය.
විශාල පිරිවැටුමක් වාර්තාකිරීම කෙරෙහි ආයෝජකයන්ගේ ගනුදෙනු වැඩිවීම බලපෑ අතර සමාගම් කිහිපයක කොටස් ආයෝජකයන් අතර හුවමාරුවීම ද මෙයට හේතුවක් වේ.
ඒ අනුව ප්‍රධාන කොටස් හුවමාරු 06ක් අද දිනයේ සිදුවූ අතර ඒවා අතරින් ටෙක්චර්ස් ජර්සි සමාගමේ කොටස් මිලියන 2.5ක්, ජෝන් කීල්ස් සමාගමේ කොටස් මිලියන 1.7ක්, හේලීස් සමාගමේ කොටස් මිලියන 0.8ක්, LOLC සමාගමේ කොටස් මිලයන 0.1ක්, ප්‍රීමා සමාගම කොටස් මිලියන 0.2ක්, රෝයල් සෙරමික් සමාගම කොටස් මිලියන 0.5ක් දක්නට ලැබිණි.
විදේශ ආයෝජකයන්ගේ කොටස් විකිණීම රුපියල් මිලියන 628ක් වූ අතර කොටස් මිල දී ගැනීම රුපියල් මිලියන 138ක් විය. ඒ අනුව සමස්තයක් ලෙස විදේශීය ආයෝජකයන් රුපියල් මිලියන 490ක ආයෝජන කොටස් වෙළෙඳ පොළෙන් ඉවත්කරගෙන ඇත.
විදේශීය ආයෝජකයන් කොටස් මිල දී ගත් සමාගම් අතර ඒසීඑල් කේබල් සමාගම රුපියල් මිලියන 10.8යි, මෙල්ස්ටා කොප් සමාගම රුපියල් මිලියන 10.4යි, ඩිප්ප්‍රඩක්ට් සමාගම රුපියල් මිලියන 7.5යි වශයෙන් ප්‍රධාන විය.
විදේශීය ආයෝජකයන් කොටස් විකුණූ සමාගම් අතර ටෙක්ස්චර්ස් ජර්සි සමාගම රුපියල් මිලියන 224යි, ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 207යි, නෙස්ලේ සමාගම රුපියල් මිලියන 55යි ලෙස ඉදිරියෙන් තිබිණි.
කොළඹ කොටස් වෙළෙඳ පොළ දිගින් දිගටම සීඝ්‍ර වර්ධනයක් පෙන්වන අතර විදේශ විනිමය සම්බන්ධ අර්බුද පැවතිය ද දේශීය ආයෝජකයන් විශාල වශයෙන් කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කිරීම හේතුවෙන් කොළඹ කොටස් වෙළෙඳ පොළ සීඝ්‍ර වර්ධනයක් පෙන්වා ඇත.
කොළඹ කොටස් වෙළෙඳ පොළ තැරැව්කාර සමාගම්වලින් නව ආයෝජකයන් ගිනුම් විවෘත කිරීමේ වැඩි ප්‍රවණතාවක් දක්නට ලැබෙන අතර විශේෂයෙන් ම ඔන්ලයින් ක්‍රමයට ඉතා ඉක්මණින් වෙළෙඳ පොළ ගනුදෙනු සිදුකිරීමට හැකිවීමත් මෙම වර්ධනයට හේතු වී ඇත.
වර්තමානයේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ව්‍යාපාර අතුරින් කෙටි කාල සීමාවක දී කිසිදු අතරමැදියකු සම්බන්ධ නොවී අධික ලාභ ඉපයීමට හැකි හොඳම ව්‍යාපාරය ලෙස කොළඹ කොටස් වෙළෙඳ පොළ ආයෝජකයන්ගේ විශ්වාසය දිනාගෙන තිබේ.
කොළඹ කොටස් වෙළෙද පොළෙන් උපයන ආදායම දේශීය ආදායම් බදු පනත යටතේ නිදහස් වීම ද මෙම ප්‍රවණතාවට තවත් එක් හේතුවකි.
(විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ)