-5.9 C
New York

දකුණේ කොරෝනා පැතිරීම වේගවත් වෙයි. දෛනික ආසාදිතයන් 600 ඉක්මවයි

Published:

ශ්‍රී ලංකාවේ කොරෝන වසංගතය ආරම්භ වූ දින පටන් මේ දක්වා පැය 24ක් ඇතුළත දකුණු පළාතෙන් වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අද (03) උදෑසන 9.00ට අවසන් වූ පැය 24 දී වාර්තා වී තිබේ.

එම සංඛ්‍යාව 609කි.

දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරී චාමර මහගමගේ පවසන්නේ එම ආසාදිතයන් අතරින් 572ක් ම සාමාන්‍ය ජන සමාජයෙන් වාර්තා වී ඇති බවයි. අනෙක් 33 දෙනා රෝහල්වලින් වාර්තා වී ඇත.

ආසාදිතයන් වැඩිම ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයෙනි එම සංඛ්‍යාව ‍288කි. මාතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 168 දෙනකු වාර්තා වී ඇති අතර හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ද ආසාදිතයන් 116ක් වාර්තා වී ඇති බව දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය නිකුත් කළ වාර්තාවේ දැක්වේ.

මේ වනවිට දකුණු පළාතෙන් වාර්තා වී ඇති කොරෝනා සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 27,853කි. වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව වූ 15,271ක් ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තාවන අතර මාතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 8,989ක් සහ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 3,593ක් වාර්තා වී ඇත.

Related articles

Recent articles

spot_img