-4.8 C
New York

“මගේ මරණයට හේතුව” රිෂාඩ්ගේ නිවසේ බිත්තියක තිබූ සටහනක් ගැන පරීක්ෂණ

Published:

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ සිටිය දී පිළිස්සී මියගිය දැරිය නැවතී සිටි කාමරයේ බිත්තියේ තබා තිබූ සටහනක් පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර ඇතැයි පොලිසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ සඳහන් කළේ “මගේ මරණයට හේතුව” යන අර්ථය ඇතිව දෙමළ වචන ඉංග්‍රීසි අකුරුවලින් ලියා ඇති බවයි.

දෙමළ භාෂාවෙන් “එන් සාඋ කාරනම්” යනුවෙන් එහි සඳහන්ව තිබේ. මේ පිළිබඳ රජයේ රස පරීක්ෂකවරයාට දැනුම් දී ඇති බවත් ඊයේ අත් අකුරු පිළිබඳ විමර්ශන ආරම්භ කළ බවත් අජිත් රෝහණ කීවේය.

මියගිය දැරියගේ පාසල් පොත් කිහිපයක් ද විමර්ශන නිලධාරීන් විසින් සොයාගෙන ඇති අතර මෙම වැකිය සටහන් කර ඇත්තේ ඇය විසින්ම දැයි යන්න සෙවීමට එම පොත්පත් රජයේ රස පරීක්ෂකවරයා වෙත යැවීමට නියමිතව ඇතැයි ද පොලිසිය පවසයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු වන අතර දැරියගේ දෙවන පශ්චාත් මරණ පරීක්ෂණයට අදාළ වාර්තාව ත්‍රිපුද්ගල අධිකරණ විශේෂඥ මණ්ඩලයට භාරදීමට නියමිතව ඇත.

Related articles

Recent articles

spot_img