-5.9 C
New York

එන්නත්කරණය WHO ඇගයීමට ලක්වෙද්දී කොටස් වෙළඳ පොළ වර්ධනය වෙයි

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (02) දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 4095ක් වූ අතර සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 27.5 කින් ඉහළ ගියේය.

දිනයේ ගනුදෙනු අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 8748ක් බවට පත්විය.

වැඩි වශයෙන් කොටස් ගනුදෙනු වූ සමාගම් අතර එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 1355යි, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 455යි, රෝයල් සෙරමික් සමාගම රුපියල් මිලියන 303ක් ලෙස කැපී පෙණිනි.

විදේශ ආයෝජකයන් විසින් අද දිනයේ දී රුපියල් මිලියන 99ක කොටස් මිල දී ගෙන ඇති අතර රුපියල් මිලියන 353ක කොටස් විකුණා තිබේ. ඒ අනුව ශුද්ධ ලෙස විදේශ ආයෝජකයන් රුපියල් මිලියන 254ක් කොටස් විකුණා දමා තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම් අතර එක්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 14යි, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 14යි, බයිරහා ෆාර්ම් සමාගම රුපියල් මිලියන 09ක් ලෙස මූලික විය.

ඔවුන් කොටස් විකුණූ සමාගම් අතර ටෙක්චර්ස් ජර්සි සමාගම රුපියල් මිලියන 167ක්, කොමර්ෂල් බැංකුව රුපියල් මිලියන 95ක්, LOLC සමාගම රුපියල් මිලියන 10ක් ලෙස මූලික විය.

කො‍ළඹ කොටස් වෙළෙඳ පොළ මෙම වර්ෂයේ ලෝකයේ වැඩිම වර්ධනයක් සහිත කොටස් වෙළෙඳ පොළවල් අතරින් 20.2% කව වර්ධනයක් හිමිකර ගනිමින් ප්‍රථම ස්ථානයට පත්ව ඇත.

ජනතාවගේ එදිනෙදා සාමාන්‍ය කටයුතු සීඝ්‍ර එන්නත්කරණය සමඟ සාමාන්‍ය තත්ත්වයට පත්වීම කොළඹ කොටස් වෙළෙඳ පොළෙහි තවදුරටත් සිදුවන වර්ධනයට හේතු වී ඇත.

(විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ)

Related articles

Recent articles

spot_img