5.6 C
New York

“ශ්‍රී ලංකාව අවදානමේ” – WHO, “අපි කලින්ම දැනගෙන හිටියා” – සෞඛ්‍ය අමාත්‍යාංශය

Published:

කොරෝනා වසංගතය ව්‍යාප්තවීම අතින් මේ වනවිට ශ්‍රී ලංකාව ඉතාමත් අවදානම් තත්ත්යකට පත්ව සිටින බවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් අද (02) පැවැති මාධ්‍ය හමුවක දී අදහස් දැක්වූ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් කියා සිටියේ එම අනතුර කලින්ම දැනගෙන කටයුතු කළ බවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ කොරෝනා වසංගතයේ ඩෙල්ටා ප්‍රභේදයේ සීඝ්‍ර ව්‍යාප්තයත් සමඟ ශ්‍රී ලංකාව ඉතාමත් අවදානම් තත්ත්වයකට පත්ව තිබෙන බවයි.

ශ්‍රී ලංකාව නිසි කළමනාකරණයක් යටතේ කටයුතු කරමින් සිටින බව ද වෛද්‍ය හේරත් වැඩිදුරටත් කීවේය.  

“ලෝක සෞඛ්‍ය සංවිධානය කියන විපත අපි කොරෝනා ආරම්භයේ සිට ම හඳුනාගත් දෙයක්. අද ඊයේ නෙවෙයි අපි මේ අනතුර දැක්කේ. මේ මොහොතේ ජනතාව බය කරලා මේ ප්‍රශ්නයෙන් ගොඩ එන්න බෑ. මේ රෝගය පැතිරෙන්න තියෙන ඉඩකඩ අවම කිරීම සඳහා සියලු දෙනා සහයෝගය දැක්විය යුතුයි.”

දැනට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වෙමින් පවතින එන්නත්කරණ ක්‍රියාවලිය ලෝක සෞඛ්‍ය සංවිධානයේ පැසසුමට ලක්ව ඇත. සැප්තැම්බර් මාසය වනවිට මෙරට සමස්ත ජනගහනයෙන් 10% එන්නත්කරණයට ලක්කිරීමේ ඉලක්කය වෙත ශ්‍රී ලංකාව සාර්ථකව ළඟා වෙමින් සිටින බව ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් ගේබ්‍රියාසෙස් සඳහන් කර තිබිණි.

Related articles

Recent articles

spot_img