-2.1 C
New York

නිරෝධායන මධ්‍යස්ථාන ඇති අධ්‍යාපන පීඨවල සේවකයනුත් රාජකාරියට කැඳවලා

Published:

කොරෝනා ආසාදිතයන් සඳහා ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස පවත්වාගෙන යන අධ්‍යාපන විද්‍යා පීඨවල අධ්‍යයන සහ අනධ්‍යයන කාර්යය මණ්ඩල අද (02) දින සිට සේවයට කැඳවා තිබේ.

මේ වනවිට සෑම අධ්‍යාපන විද්‍යාපීඨයක ම නේවාසිකාගාර කොරෝනා නිරෝධායන සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස පවත්වාගෙන යයි.

එබැවින් එම විද්‍යාපීඨ මේ දක්වා ම අවදානම් කලාප වෙයි.

මෙලෙස විද්‍යාපීඨවල අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩල සේවයට කැඳවා ඇතත් ඒවායේ ඉගෙනුම ලබන ගුරු සිසු සිසුවියන් කැඳවීමක් පිළිබඳ කිසිදු දින නියමයක් හෝ නොමැත.

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ පීඨාධිපතිවරුන්, ගුරු විද්‍යාල විදුහල්පතිවරුන්, ගුරු මධ්‍යස්ථාන කළමනාකරුවන් වෙත “රාජ්‍ය සේවය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම” යනුවෙන් සඳහන් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් වෙනුවට අතිරේක ලේකම් (පාසල් කටයුතු) එල්.එම්.ඩී.ධර්මරත්න විසින් අද (02) වැනි දිනැති ලිපියක් යොමුකර ඇති.

එහි දක්වා ඇත්තේ රාජ්‍ය සේවය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම සදහා රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්ගේ ජූලි 30 දිනැති චක්‍රලේඛය වෙත අවධානය යොමුකරවන බවයි.

ඒ අනුව සියලුම ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ ගුරු විදුහල් හා ගුරු මධ්‍යස්ථානවල අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල ද එම චක්‍රලේඛයේ උපදෙස් අනුව කටයුතු කරන ලෙස දන්වා ඇත.

Related articles

Recent articles

spot_img