10.2 C
New York

බද්දේගම ප්‍රාදේශීය සභා මන්ත්‍රිනියකට කොරෝනා. එන්නත් විදින තැනටත් ගිහින්

Published:

බද්දේගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරියක වන සුසන්තා ජයසූරිය කොරෝනා ආසාදිත බව අද (02) තහවුරු වූ බව සෞඛ්‍ය අංශ පවසයි.

ඇය පසුගිය 30 වැනි දා බද්දේගම ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමට සහභාගී වී ඇති අතර ඉන් පපසු එදින ම අදුරත්විල කොට්ඨාසයේ කො‍රෝනා එන්නත්කරණය සිදුවන ස්ථානයට ද ගොස් එහි රැඳී සිට ඇත.

ඇය ආසාදිතවීම හේතුවෙන් මේ වනවි අනෙකුත් මන්ත්‍රීවරුන් කාර්ය මණ්ඩලය ද කොරෝනා පරීක්ෂණ සඳහා යොමුකරන බවත් ඔවුන්ට දැනටමත් නිරෝධායනය වන ලෙස උපදෙස් දී ඇති බවත් සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

බද්දේගම ඇඟළුම් කර්මාන්තශාලවික කොරෝනා ආසාදිතයන් විශාල වශයෙන් වාර්තා වූ අතර එහි සේවකයන් දෙදෙනකුගේ පවුලේ සාමාජිකයන් දෙදෙනකු ඩෙල්ටා ප්‍රභේදය ආශ්‍රිත බව ද හඳුනාගෙන තිබේ.

පසුගිය සතියක පමණ කාලයක සිට බද්දේගම ප්‍රදේශයේ සිදුකරන රැපිඩ් ඇන්ටිිජන් පරීක්ෂණ සහ පීසීආර් පරීක්ෂණවලින් 50% ක් පමණ කොරෝනා ආසාදිත යැයි තහවුරු වීමේ ප්‍රවණතාවක්ද ඇත.

Related articles

Recent articles

spot_img