-5.9 C
New York

කොරෝනා පිළිබඳ යථාර්ථයට මුහුණ දෙමු. බිහිසුණු ඇත්ත මෙන්න

Published:

කොරෝනා වයිරසයේ ඩෙල්ටා ප්‍රභේදය හේතුවෙන් ශ්‍රී ලංකාව ඉදිරියේ දී වඩාත් අසීරු මට්ටමකට පත්වනු ඇති බව කොළඹ අයි.ඩී.එච්.රෝහලේ ආසාදන පාලන සහ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පවසයි.

මේ වනවිට අයිඩීඑච් රෝහලට පැමිණෙන රෝගීන්‍ගේ වාර්තා අනුව කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල ඩෙල්ටා ප්‍රභේදය ඉතා වේගයෙන් පැතිරෙන බවට තහවුරු වී ඇති බව වෛද්‍ය විජේවික්‍රම පවසයි.

“මේ තත්ත්වය නිසා වර්තමානයේ පවතින කොරෝනා තුන්වැනි රැල්ලට වඩා ඉතාමත් දරුණු වසංගත රැල්ලකට මුහුණ දීමට අපට සිදුවනවා. එයට අප සූදානම් විය යුතුයි. වාර්තාවන රෝගීන් සංඛ්‍යාව අඩුකිරීම ඉතාමත් අභියෝගාත්මක විය හැකියි. අපේ අයිඩීඑච් රෝහලේ බාහිර රෝගී අංශයෙන් ලබාගන්නා පීසීආර් සාම්පලවලින් 85% ප්‍රමාණයක් ආසාදිත බව තහවුරු වෙනවා. මෙය ඉතාමත් විශාල වැඩිවීමක්. ඒ වගේම ක්ෂුද්‍ර ජීව විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයා පවසනවා මේ අයගේ ‍‍වයිරස ධාරිතාව වැඩි බවත්. මේ නිසා අපිපට තුන්වැනි රැල්ලට වඩා භයානක කොරෝනා රැල්ලකට මුහුණ දීමට සූදානම් විය යුතු වනවා.” යැයි ද හෙතෙම සඳහන් කළේය.

Related articles

Recent articles

spot_img