spot_img
spot_imgspot_img

කිරිපිටි හිඟයක්. විකල්පයක් නැති බව ඇමති බන්දුල කියයි

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාවේ කිරිපිටි හිඟයක් ඇතිවෙමින් පවතී. වෙළෙඳුන් පවසන්නේ කිරිපිටි සමාගම් බොහොමයක අවශ්‍ය තරම් තොග නොමැති බවයි.

කොළඹ සහ තදාසන්න ප්‍රදේශ රැසක ද මෙම තත්වය උදාවී තිබේ.

මේ පිළිබඳ විමසූ විට වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන කියා සිටියේ කොරෝනා වසංගතය හේතුවෙන් ලෝක වෙළෙඳ පොළේ භාණ්ඩ ආනයනය කිරීමේ දුෂ්කරතා මතුවීම හේතුවෙන් කිරිපිටි හිඟයක් ඇති වී තිබෙන බවයි.

අමාත්‍යවරයා මෙසේ ද කීවේය.

“වරායවල් වහළා. නැව් පැමිණීම සීමා සහිතයි. ඒ නිසා කිරිපිටි හිඟයක් ඇවිත් තියෙන්නේ. මේ අවස්ථාවේ කිරිපිටි සමාගම් මිල වැඩි කරන්න ඉල්ලීම් කරනවා. නමුත් එය කළ නොහැකියි. රජය කිරිපිටි මිල පාරිභෝගිකයාට පහසු මට්ටමක තබාගන්නවා. පාරිභෝගිකයනුත් කැමතිනම් අපිට මෙය කළ හැකියි. එය පහසුයි. එවිට පාරිභෝගිකයා සහ සමාගම් කියන දෙකම සතුටු වෙනවා. නමුත් රජයට එසේ කළ නොහැකියි. දැන් කිරිපිටි හිඟයක් ඇතිවෙලා තිබෙනවා අපිට විකල්ප විසඳුමක් නැහැ.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!