නිවසක් ආරක්ෂාකිරීමට බව පවසමින් ශාන්තිකර්මයක් කිරීමට පැමිණ 19 හැවිරිදි තරුණියකට හා 45 හැවිරිදි කාන්තාවකට ලිංගික අතවර කළ කට්ටඩියකු අත්අඩංගුවට ගත් බව හාලිඇල පොලීසිය පවසයි.
මෙලෙස සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ මැදිරිගිරිය අඹගස්වැව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
හාලිඇල බෝගොඩ ප්‍රදේශයේ නිවසකට අසල්වැසියන් හූනියම් කර ඇති බව පවසමින් ඒ සඳහා ආරක්ෂාවක් කිරීමට බව පවසා හෙතෙම මෙම නිවසට පැමිණ තිබේ. ඊයේ (31) අළුයම අදාල ශාන්තකර්මය සිදුකරන අතරතුර නිවසේ සිටි පිරිිමි පුද්ගලයන්ට නිවසින් පිටතට ගොස් ආසන්නයේ පිහිටි මංසන්දිවල රැඳී සිටින ලෙස ඔහු උඵදෙස් දී තිබේ.
අනතුරුව ඔහු විසින් 45 හැවිරිදි කාන්තාවට ලිංගික අතවර කර ඇතිබව පොලිසිය පවසයි. එම නිවසේ සිටි 19 හැවිරිදි තරුණියකට ද ඔහු ලිංගික අතවර කර ඇති ව අනාවරණය වී තිබේ.
මේ සිද්ධිය සම්බන්ධයෙන් හාලිඇල පොලිසියට ලැබුණු පැමිණිල්ලකට අනුව ක්‍රියාත්මක වී කට්ටඩියා අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු 42 හැවිරිදි වියේ පසුවන බව ද පොලිසිය කියයි. ඔහු අද (01) බදුල්ල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.