-2.1 C
New York

ගාල්ලේ ආසාදිතයන් වාර්තාවීම 77.95% කින් වැඩි වෙයි

Published:

ගාල්ලේ දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතයන් වාර්තාවීම දෙගුණයකට ආසන්න ප්‍රමාණයකින් වැඩි වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයෙන් දෛනිකව නිකුත්කරනු ලබන වාර්තාව අනුව දෛනික කොරෝනා ආසාදිතයන් වාර්තාවීම 77.95%  වැඩි වී තිබේ.

අද (31) දිනයෙන් අවසන්වන ගත වූ දින 04 දී (ජූලි මස 28, 29, 30 සහ 31) ගාල්ල දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයන් 767 දෙනකු වාර්තා වී ඇති අතර ඊට සාපේක්ෂ පෙර දින 04ක කාලයේ දී (ජූලි මස 24, 25, 26 සහ 27) වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 431කි.

ගාල්ල දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයන් වාර්තාවීම එම වාර්තාව අනුව පහත සඳහන් පරිදි වෙයි.

ජූලි 24 – 190

ජූලි 25 – 65

ජූලි 26 – 69

ජූලි 27 – 107

එකතුව 431

ජූලි 28 – 246

ජූලි 29 – 170

ජූලි 30 – 105

ජූලි 31 – 260  

එකතුව 767

(මෙම පැහැදිලිකිරීම සඳහා භාවිතා කරන ලද්දේ රජයේ නිල තොරතුරු පමණි)

Related articles

Recent articles

spot_img