-2.1 C
New York

ගිනිගත් නැවෙන් සිදුවූ විනාශය අධිකරණට කියයි

Published:

කොළඹ වරාය ආසන්නයේ දී ගිනි ගෙන විනාශ වූ X-Press Pearl නෞකාව හේතුවෙන් කැස්බෑවන් 417ක්, ඩොල්ෆින් 48ක් සහ තල්මසුන් 08ක් මියගොස් සිරුරු වෙරළට ගොඩගසා තිබූ බව නීතිපතිවරයා අද (30) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම ඉදිරියේ මේ සිද්ධිය සම්බන්ධ පැමිණිල්ල කැදවූ අවස්ථාවේ දී නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් මාධව තෙන්නකෝන් ඒ පිළිබඳ අධිකරණයට කරුණු වාර්තා කළේය.

ඔහු අධිකරණයේ දී කියා සිටියේ වනජීවී දෙපාර්තමේන්තුව විසින් එම දත්ත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබෙන බවයි.

එම මුහුදු සත්වයින් ගේ මරණ පිළිබඳව සවිස්තර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් හෙතෙම මෘත ශරීර පිළිබඳව අදාළ අධිකරණවලට කරුණු වාර්තා කර ඒවා රජයේ රස පරීක්ෂකවරයා සහ පශු වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යොමුකර වැඩිදුර විමර්ශන සිකරන බවත් දන්වා සිටියේය.

වැඩිදුරටත් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ගිනි ගැනීමට ලක් වූ නෞකාව ආසන්නයේ තිබූ ජල සාම්පල ලබාගෙන ඒවා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකර විමර්ශනයට ලක්කළ බව ද එම සාම්පලවල පෙට්‍රෝලියම් සංඝටක ඇතැයි අනාවරණ්‍ය වී තිබෙන බව ද කීවේය.

Related articles

Recent articles

spot_img