-5.9 C
New York

රාජ්‍ය සේවකයන්ට office එන්න කියයි

Published:

රජයේ කාර්යාලවල සියලුම සේවක සේවිකාවන් ලබන සඳුදා (02) සිට සාමාන්‍ය පරිදි රාජකාරී සඳහා කැඳවන ලෙස ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දර විසින් රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්වරයාට දැනුම් දී තිබේ.

සියලුම දිස්ත්‍රික්කවල එන්නත්කරණයට ලක්විය යුතු ජනගහනයෙන් ඉහළ ප්‍රතිශතයක් සඳහා එන්නත් ලබාදී ඇති බැවින් මෙම පියවර ගෙන තිබේ. රාජ්‍ය සේවකයන් බහුතරයකට ද එන්නත් ලබා දී ඇති ැවින් රාජ්‍ය සේවාව සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම අත්‍යාවශ්‍ය බව එම උපදෙස්වල දක්වා ඇත.

සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදිමින් ලබන සඳුදා (02) සිට සියලුම රාජ්‍ය සේවකයන් සාමාන්‍ය පරිදි රාජකාරි කටයුතු සඳහා කැඳවීමටත් කොවිඩ් රෝගය පාලනය පහසු කිරීම සඳහා සීමිත කාර්ය මණ්ඩල කැඳවමින් සහ නිවසේ සිට රාජකාරී සිදුකිරීමට අදාළව නිකුත් කර තිබූ සියලු ම චක්‍රලේඛ අවලංගු කරන ලෙස ද ජනාධිපති ලේකම්වරයා දැනුම් දී ඇත.

Related articles

Recent articles

spot_img