-4.8 C
New York

සරණ ගුණවර්ධන අල්ලස් දූෂණ නඩු 08කින් නිදහස්

Published:

අල්ලස් හා දූෂණ කොමිසම විසින් ගොනුකර තිබූ නඩු 08කින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන නිදහස් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

එම නඩුව අද (30) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී. රාගල ඉදිරියේ කැඳවූ අවස්ථාවේ දී මෙම නියෝගය නිකුත් කෙරිණි.

අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි එහි සහකාර අධ්‍යක්ෂ ජනරාල් අසිත ඇන්තනි කරුණු දක්වමින් කියා සිටියේ සරණ ගුණවර්ධනට එරෙහි නඩු ගොනුකිරීමේ දී අල්ලස් කොමිසමේ කොමසාරිස්වරු තිදෙනාගේ ලිඛිත විධානය ඉදිරිපත් වී නැති බැවින් එය තවදුරටත් පවත්වාගෙ යාමේ ගැටලු සහගත තත්ත්වයක් ඇති බවයි.

සරණ ගුණවර්ධන වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නිරෝෂන් සිරිවර්ධන, එම නඩුව පවත්වාගෙන යාම අපහසුකම් විත්තිකරු නිදහස් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

අල්ලස් කොමිසම සහ විත්තියේ නීතිඥවරයා ඉදිරිපත් කළ කරුණු සළකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩු අටකින් විත්තිකාර සරණ ගුණවර්ධන නිදහස් කරන ලෙස නියෝග කර තිබිණි.

සරණ ගුණවර්ධන 2007 වර්ෂයේ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරන කාලයේ දී එම මණ්ඩලයට කුලී පදනම මත වාහන ලබාගැනීමේ දී රජයට පාඩු කිරීමෙන් දූෂණය නමැති වරද සිදුකර ඇතිබවට චෝදනා කරමින් එම නඩු ගොනුකර තිබිණි.

Related articles

Recent articles

spot_img