-5.9 C
New York

දෛනික කොරෝනා ආසාදිතයන් යළි 2,000 ඉක්මවයි. මරණවලත් වැඩවීමක්

Published:

දෛනිකව වාර්තාවන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අද (29) වැනි දා 2,329ක් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි .

දින ගණනාවකට පසු අද දෛනික ආසාදිතයන් 2,000 ඉක්මවා ඇත.

මේ අනුව මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 304,151ක් දක්වා ඉහළ ගොස් ඇත. ඉන් සුවය ලැබූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 273,496කි.

ඊයේ (28) මෙරටික් කොරෝනා ආසාදිත වී මියගිය පුද්ගලයන් 66 දෙනකු හඳුනාගත් බවත් ඒ අනුව මෙරට වාර්තාවූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 4,324ක් බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් පවසයි.

Related articles

Recent articles

spot_img