-5.9 C
New York

පොළී අනුපාතිකය අඩුවීමෙන් කොටස් වෙළෙඳ පොළ වර්ධනයක්

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (29) සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 2.5ක් වූ අතර දිනයේ ගනුදෙනු අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 43.7කින් ඉහළ ගොස් එය 8,140ක් බවට පත්විය.

දිනයේ ගනුදෙනු සදහා වැඩි වශයෙන් කොටස් ගනුදෙනු වූ සමාගම් අතර එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 294යි, ප්‍රින්ට් කෙයාර් සමාගම රුපියල් මිලියන 176යි, අම්බන් හෝල්ඩින් සමාගම රුපියල් මිලියන 115ක් ලෙස මූූලික විය.

දිනයේ විදේශීය ආයෝජකයන් විසින් ශුද්ධ ලෙස කොළඹ කොටස් වෙළෙඳ පොළෙන් රුපියල් මිලියන 142ක මුදලක් ඉවත් කරගෙන තිබේ. විදේශ ආයෝජකයන් කොටස් මිල දී ගත් සමාගම් අතර රෝයල් සෙරමික් සමාගම රුපියල් මිලියන 11යි, සෙලාන් ඩිවලොප්මන්ට් සමාගම රුපියල් මිලියන 05යි, ටෝකියෝ සිමෙන්ට් සමාගම රුපියල් මිලයන 05යි ලෙස ප්‍රධාන වශයෙන් කැපී පෙණිනි.

ඔවුන් කොටස් විකුණූ සමාගම් අතර ඩයලොග් ආසියාටා සමාගම රුපියල් මිලියන 91යි, හරිස්චන්ද්‍ර මිල්ස් සමාගම රුපියල් මිලියන 36යි, හේමාස් සමාගම රුපියල් මිලියන 22යි ලෙස ප්‍රධාන විය.

කොළඹ කොටස් වෙළෙඳ පොළ දිගින් දිගටම තම දර්ශක අලුත් කරමින් ඉහළට ගමන්ගන්නා අතර එයට මූලිකව බලපාන හේතු කිහිපයක් තිබේ.

සීඝ්‍ර එන්නත්කරණයත් සමඟ ජන ජීවිතය යථාතත්ත්වයට පත්වීම රජයේ ප්‍රතිපත්තිවලට අනුව බැංකු පොළී අනුපාතය පහළ මට්ටමක පවත්වාගෙන යාම, අපනයන සමාගම් අධික ලාභ ලැබීම, කොටස් හිමියන්ට වැඩි ලාභාංශ මුදල් පිරිනැමීම, ණය මුදල් ලබාගෙන කොටස් මිල දී ගන්නා ආයෝජකයන්ට මූල්‍ය සමාගම්වලින් ලබා දී ඇති අඩු පොළී අනුපාතිකයන් හේතුවේ.

(විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ)

Related articles

Recent articles

spot_img