-4.8 C
New York

හමුදා බස් රථයක් සහ කැබ් රථයක් ගැටී කන්තාවන් දෙදෙනකු මරුට

Published:

යුද හමුදා බසයක් හා කැබ් රථයක් පොළොන්නරුව මනම්පිටිය-දළුකනවාඩිය මාර්ගයේ දී අද (29) උදෑසන මුහුණට මුහුණ ගැටීමෙන් කාන්තාවන් දෙදෙනකු මියගොස් තිදෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ පිරිසිදු කිරීමේ ආයතනයක සේවිකාවන් දෙදෙනෙකි.

අනතුරට ලක්වූ බසය පොලොන්නරුවේ සිට මනම්පිටියේ නිරෝධායන කඳවුර වෙත කොරෝනා ආසාදිතයන් රැගෙන යමින් තිබූ අතර කැබ් රථය පොලොන්නරුව රෝහලට පිරිසිදු කිරීමේ සේවිකාවන් රැගෙන ගොස් ඇත.

තුවාල ලැබූ කාන්තාවන් තිදෙනාගේ තත්වය ද බරපතල බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි. අනතුර සිදුවන අවස්ථාවේ එම කැබ් රථයේ 13 දෙනකු ගමන්කර ඇත.

Related articles

Recent articles

spot_img