පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ හිටපු මහාචාර්ය එම්.ඕ.ඒ. ද සොයිසා විසින් රචිත “නිදහස් ලෝකයක නිදහස් මිනිස්සු – ඇමෙරිකා එක්සත් ජනපද ව්‍යවස්ථාව” ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවය හෙට (29) සවස 4.00ට පැවැත්වේ.
Zoom ඔස්සේ පැවැත්වෙන මෙම කාර්යය සඳහා පහත සඳහන් සබැඳිය ඔස්සේ එක්වීමට හැකියාව ඇත.
එම සබැඳිය – https://zoom.us/j/91647924158
ශ්‍රී ලංකාව සහ ආසියාවේ ජාත්‍යන්තර සබඳතා විශ්ලේෂණයයන් සහ රාජ්‍ය තාන්ත්‍රික් උපදේශන සපයනු ලබන ශ්‍රී ලංකාව පදනම්කරගත් ආයතනයක් වන Factum මෙම වැඩසටහන සම්පාදනය කර ඇත.
එහි ප්‍රධාන දේශනය හිටපු ප්‍රවෘත්ති අධයක්ෂ ජනරාල් ආචාර්ය රංග කලංසූරිය විසින් සිදුකරයි.
මෙරට දේශපාලන විද්‍යාව අධ්‍යයනය කරන සිසු සිසුවියන් සඳහා අත් පොතක් වී ඇති “දේශපාලන විද්‍යාවේ මූලික සිද්ධාන්ත” නම් කෘථියේ කතුවරයා වන මහාචාර්ය එම්.ඕ.ඒ. ද සිල්වා ඇමෙරිකා එක්සත් ජනපදයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළබිඳ පුළුල් විමර්ශනාත්මක හා විශ්ලේෂණාත්මක අධ්‍යයනයක් ලෙස මෙ නව ග්‍රන්ථය සකසා ඇත.