-5.9 C
New York

කරාපිටියේ අද කොරෝනා මරණ 05ක්. තිදෙනෙක් මියගියේ නිවසේ දී

Published:

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයෙන් අද (28) කොරෝනා ආසාදිත මරණ 05ක හදිසි මරණ පරීක්ෂණ කටයුතු සිදුකෙරුණු බව හදිසි මරණ පරීක්ෂක කාර්යාලය සඳහන් කරයි.

කොරෝනා සෑදී මරණයට පත්වූ බව තහවරු කරගත් මෙම පුද්ගලයන් 05 දෙනාගෙන් තිදෙනකුම කොරෝනා ආසාදිත බව නොදැන නිවෙස්වලම මියගොස් පසුව කරන ලද පීසීආර් පරීක්ෂණවලින් අසාදිත බව තහවුරු කරගෙන ඇත. කොරෝනා ආසාදිතව කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගොස් ඇත්තේ දෙදෙනකු පමණි.

බද්දේගම පදිංචි 89 හැවිරිදි කාන්තාවක්, හික්කඩුවේ පදිංචි 78 හැවිරිදි කාන්තාවක් සහ නාකියාදෙණියේ පදිංචි 89 හැවිරිදි කාන්තාවක් නිවෙස්වල ම මියගොස් ඇති අතර ඔවුන්ගේ මෘත දේහ කරාපිටිය ශික්ෂණ රෝහලට එවීමෙන් පසු කොරෝනා ආසාදිත බව තහවුරු කරගෙන තිබේ.

ඇල්පිටියේ පදිංචි 73 හැවිරිදි පිරිමි පුද්ගලයකු සහ අම්බලන්ගොඩ පදිංචි 63 හැවිරිදි කාන්තාවක් ද කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගොස් තිබේ.

කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශය පවසන්නේ නිවෙස්වල එක්තැන්ව සිටින පුද්ගලයන් පවා මියගිය පසු කොරෝනා ආසාදිත බව තහවුරුවන බැවින් සියලු මරණ පීසීආර් පරීක්ෂණ සඳහා යොමුකිරීම ඉතාමත් වැදගත් බවයි.

Related articles

Recent articles

spot_img