-5.9 C
New York

අපනයන සමාගම්වලට කොටස් වෙළෙඳ පොළ වැඩි ඉල්ලුමක්

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (28) දිනයේ රුපියල් මිලියන 1,807ක පිරිවැටුමක් වාර්තා කළ අතර සමස්ත කොටස් මිල දර්හකය ඒකක 14.9කින් ඉහළ ගියේය. දිනය අවසානයේ ඒකක 8,107ක් ලෙස වාර්තා විය.

දිනයේ වැඩි වශයෙන් කොටස් ගනුදෙනු වූ සමාගම් අතර එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 336යි, හේලීස් සමාගම රුපියල් මිලියන 110යි, බෝගල ග්‍රැෆයිට් සමාගම රුපියල් මිලියන 106ක් ලෙස මූලික විය.

ගනුදෙනුවල දී විදේශීය ආයෝජකයන් රුපියල් මිලියන 129ක කොටස් විකුණූ අතර රුපියල් මිලියන 45ක කොටස් මිල දී ගෙන ඇත. ඒ අනුව විදේශීය ආයෝජකයන් රුපියල් මිලියන 84ක් වටිනා කොටස් ඉවත් කරගෙන තිබිණි.

ඔවුන් විසින් කොටස් මිල දී ගත් සමාගම් අතර රෝයල් සෙරමික් සමාගම රුපියල් මිලියන 9.6යි, ලංකා වෝල් ටයිස් රුපියල් මිලියන 6.7යි, ලංකා ටයිල් සමාගම රුපියල් මිලියන 5.2යි ලෙස කැපී පෙණිනි.

විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණා දැමූ සමාගම් අතර ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලයන 46.6යි, එක්ටර්ස් ජර්සි සමාගම රුපියල් මිලියන 20.2යි, ඇල්පිටිය වැවිළි සමාගම රුපියල් මිලියන 9.9යි ලෙස ප්‍රධාන විය.

මේ දිනවල ශ්‍රී ලංකාවේ පවතින විදෙස් විනිමය අර්බුදය හේතුවෙන් භාණ්ඩ හා සේවාවන් අපනයනය කරන සමාගම්වල කොටස් කෙරෙහි ආයෝජකයන්ගේ වැඩි ඉල්ලුමක් ඇති වී තිබෙන අතර එවැනි අපනයන සමාගම් බොහොමයක මූල්‍ය වාර්තාවල කැපී පෙනෙන වර්ධනයක් දක්නට ලැබීමත් වැඩි වශයෙන් ලාභාංශ ගෙවීමත් ඊට හේතු වී තිබේ.

(විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ)

Related articles

Recent articles

spot_img