-1 C
New York

GMOAට එරෙහිව CID වෙත පැමිණිල්ලක්. අයථා මුදල් පරිහරණය, හොර ඡන්ද, කූඨ ලේඛන චෝදනා රැසක්

Published:

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකත්ව මුදල් මහ සභාවේ විධිමත් අනුමැතියක් නොමැතිව සාවද්‍ය ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින් එම සංගමයේ සාමාජිකයන් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

මෙම පැමිණිල්ල කර ඇත්තේ එම සංගමයේ මෙවර නිලවරණයට ඉදිරිපත්ව සිටින වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු විසිනි.

ඔහු පවසන්නේ වාර්ෂිකව සාමාජික මුදල් ලෙස සංගමයට එකතුවන රුපියල් මිලියන 120ක මුදලක් මෙලෙස එම සංගමයේ නිලධාරී මණ්ඩලය විසින් සාවද්‍ය පරිහරණයට ලක්කර ඇති බවයි.

එමෙන් ම සංගමයේ නිලවරණයේ දී ප්‍රධාන කාර්යාලයේ සියලු දේපළ අයථා ලෙස භාවිතා කරමින්, ව්‍යාජ ලේඛන සකසමින් අවසන්වතාවට නිලතල හෙබවූ සභාපති ‍විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය ඇතුළු කණ්ඩායම විසින් වෛද්‍ය වෘත්තියේ ගෞරවය කෙළසන බවත් එම පැමිණිල්ලේ සඳහන් කර ඇත.

මියගිය සහ විශ්‍රාම ගොස් ඇති මෙන් ම සාමාජිකත්වය නොමැති නිලධාරීන්ට ද නිලවරණය සඳහා තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත්කර ඇති බව අනාවරණය වී තිබෙන බැවින් මේ සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් කරන ලෙස ද වෛද්‍ය අතපත්තු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලේ සඳහන් කර ඇත.

Related articles

Recent articles

spot_img