ශ්‍රී ලංකාවේ කොරෝනා වසංගතය ඉතාමත් භයානක තත්ත්වයකට පත්වෙමින් තිබෙන බව ලෝකයේ රටවල වාර්තා වූ කොරෝනා ආසිදිතයන් ප්‍රමාණ හා සංසන්දනය කිරීමේ දී තහවුරු වෙයි.
ජනගහනය ලක්ෂ 10ක් සැළකූ විට සතියකට වාර්තාවන නව කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අතින් ශ්‍රී ලංකාව ලොව 05 වැනි තැනට පත්ව තිබේ. ලෝක ජනගහණය ලක්ෂ 10කක් සැළකූ විට සතියක දී ආසාදිතයන් වාර්තාවන්නේ 38 දෙනකු පමණි. නමුත් ශ්‍රී ලංකාවේ එම ප්‍රමාණය 88ක් වෙයි. මිලියනයක ජනගහනයෙන් වාර්තාවන ආසාදිතයන් ප්‍රමාණය ශ්‍රී ලංකාවට වඩා ඉහළ අගයක් ගන්නේ බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ඇමෙරිකාව සහ තායිලන්තය පමණි.
කැනඩාවේ පදිංචිව සිටින ආචාර්ය නිමල් රාජපක්ෂ විසින් පහත දැක්වෙන වගුව සකසා ඇත. එම වගුව සැකසීමේ දී භාවිතා කර ඇත්තේ රෝගීන් වාර්තාවීම හා මරණ සම්බන්ධව ඒ ඒ රටවලින් පසුගිය ජූලි 25 වැනි දින දක්වා නිල වශයෙන් නිකුත්කර ඇති වාර්තා පමණි.
මෙම වාර්තාවට අනුව යම් රටක ජනගහනය ලක්ෂ 10ක් සැලකූ විට ලෝකයේ අලුත් කොරෝනා ආසාදිතයන් වාර්තාවීම ඇත්තේ 466කි. නමුත් ශ්‍රී ලංකාව මෙම ප්‍රමාණය ඉක්මවා ගොස් පුද්ගලයන් 10ක් සැළකූ විට නව ආසාදිතයන් වාර්තාවීම 514ක් වෙයි.
අසල්වැසි ඉන්දියාවේ මේ තත්වය 192කි. දැනට වැඩිම ප්‍රමාණයක් නව ආසාදිතයන් වාර්තාවීම අතින් පෙරමුණ ගෙන ඇත්තේ බ්‍රිතාන්‍යයයි. ඒ 4,495ක් ලෙසිනි. ප්‍රංශයේ එම සංඛ්‍යාව 1,663ක් වන අතර තායිලන්තයේ 1,226කි. ඇමෙරිකාවේ 1,047 එම රටවලට පසු ඉහළින්ම සිටින්නේ ශ්‍රී ලංකාවයි.
මෙය තවත් ආකාරයකින් පවසන්නේ නම් ජනගහණයට සාපේක්ෂව කොරෝනා ආසාදිතයන් වාර්තාවීම අතින් ශ්‍රී ලංකාව ඉන්දියාව සහ පකිස්තානය ද අභිබවා ගොස් ලොව පස්වැනි තැනට පත්ව සිටියි.
