-5.9 C
New York

එන්නත්කරණය වේගවත් කිරීම කොටස් වෙළෙඳ පොළ වර්ධනයට හේතුවක් වෙයි

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (26) දිනයේ මිලියන 4600ක පිරිවැටුමක් වාර්තා කළ අතර දිනයේ සමස්ත කොටස් මිල දර්ශකය ගනු දෙනු ආරම්භයේ 8215ක් දක්වා ඉහළ ගිය නමුත් ගනුදෙනු අවසාන වනවිට සමස්ත කොටස් මිල දර්ශකය පෙර දිනයට සාපේක්ෂව ඒකක  14කින් පහළට වැටී 8119ක් ලෙස අවසන් විය.

දිනයේ වැඩිපුර කොටස් ගනුදෙනු වූ සමාගම් අතර ආසිරි රෝහල් සමූහය රුපියල් මිලියන 1128යි, එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලින 877යි, ලංකා මිල්ක් ෆුඩ් සමාගම රුපියල් මිලියන 310යි වශයෙන් මූලික විය.

දිනයේ විදේශ ආයෝජකයන්ගේ මුළු කොටස් විකිණීම රුපියල් මිලියන 1469ක් වූ අතර කොටස් මිල දී ගැනීම රුපියල් මිලියන 288ක් විය. ඒ අනුව ශුද්ධ ලෙස විදේශීය ආයෝජකයන් කොළඹ කොටස් වෙළෙඳ පොළෙන් රුපියල් මිලියන 1181ක මුදලක් ඉවත්කරගෙන තිබේ.

අද දින වෙළෙඳ පොළ ගනුදෙනුවල දී ටෙක්සර් ජර්සි සමාගම එක කොටසක් සඳහා රුපියල් 1.15ක ලාභාංශයක් ද, කැලණි ටයර් සමාගම රුපියල් 4.50ක අතරමැදි ලාභාංශයක් ද ප්‍රකාශයට පත්කර තිබේ.

ශ්‍රී ලංකා රජය හෙට දිනයේ ගෙවීමට නියමිත ඩොලර් බිලියන 1.5ක ණය වාරිකය සම්බන්ධව කොළඹ කොටස් වෙළෙඳ පොළ ආයෝජකයන් විමසිල්ල යොමුකිරීමත්, ජූලි මාසයේ අවසන් සතිය වූ මෙම සතියේ සීමාව ඉක්ම වූ ණය මුදල් හිලව්කිරීම සඳහා කොටස් විකිණීමත්, දිගින් දිගට කොළඹ කොටස් වෙළෙඳ පොළ සමාගම්වල කොටස් මිල ඉහළයාම හේතුවෙන් ආයෝජකයන් තම ලාභ නිදහස් කරගැනීම හේතුවෙන් කොටස් වෙළෙඳ පොළ සමස්ත කොටස් මිල දර්ශකය සුළු වශයෙන් පහතබැස ඇති බව නිරීක්ෂණය වේ. 

කෙසේ වුව ද ශ්‍රී ලංකා රජය ඉතා ඉක්මණින් ඩොලර් බිලියන 01ක විදේශ ආයෝජන ශ්‍රී ලංකාව වෙත රැගෙන ඒම සඳහා කටයුතු කරන බව ප්‍රකාශ කිරීම සීඝ්‍ර එනනත්කරණය, සංචාරක කර්මාන්තය වර්ධනය වනු ඇතැයි විශ්වාසය, ස්ථාවර තැන්පතු සඳහා අඩු පොළී මුදලක් ගෙවීම යන කරුණු හේතුවෙන් කොළඹ කොටස් වෙළෙඳ පොළ ඉතිහාසයේ වාර්තා කළ වැඩිම අගය වන සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 8694 ඉක්මවා ඉක්මණින් වර්ධනය වනු ඇතැයි ආයෝජකයන් විශ්වාසය පළකර සිටියි.

(විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ)

Related articles

Recent articles

spot_img